ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ Football ගහන්න හොඳම ගේම්ස් 5

ඇන්ඩ්‍රොයිඩ් උපාංග තියන බොහෝ දෙනෙක් තමන්ගෙ දුරකථනයේ හෝ ටැබ්ලට් එකේ ක්‍රීඩා කළ හැකි හොඳම ක්‍රීඩාව කුමක්දැයි නිතරම සිතන දෙයක්. ඇන්ඩ්‍රොයිඩ් සඳහා ඇති ක්‍රීඩා අතරින් පාපන්දු ක්‍රීඩා වලට හිමි වන්නේ ඉහල ජනප්‍රියත්වයක්. ඒ සඳහා ඇති ඇප්ස් ප්‍රමණයද ඉතාමත් අධිකයි. ඉතින් ඒ අතරින් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ෆුට්බෝල් ක්‍රීඩා කිරීමට අවකාශ සලසා දෙන හොඳම ෆුට්බෝල් ගේම්ස් 5ක් මෙසේ පෙළගස්වා තිබෙනවා.

FIFA by EA SPORT

fifa1

ඇන්ඩ්‍රොයිස් සඳහා ඇති හොඳම පාපන්දු ක්‍රීඩාව ලෙස Electronic Arts සමාගමේ FIFA අවිවාදයෙන්ම හැඳින්විය හැකියි. මෙම ක්‍රීඩාව තුල ජනප්‍රිය ලීග 22ක්, 500කට අධික කණ්ඩායම් ප්‍රමාණයක් හා 15,000කට අධික ක්‍රීඩකයන් ප්‍රමාණයක් සිටිනවා. කැමති පරිදි ඔබගේ තෝරා ගැනීම් කර ලොව පුරා විසිරී ඇති ක්‍රීඩාපිටි 32ක දී ක්‍රීඩා කළ හැකියි. ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ තිරය තරමක් විශාලනම් මෙහි ආශ්වාදය මනාව විඳිය හැකියි. ක්‍රීඩාවටම ගැලපෙන ශබ්ධ රටාවන් රැසක්ද මෙහි අන්තර්ගතයි.

Download From Google Play Store

Real Football

realfootball

FIFA හට නොදෙවෙනි මට්ටමේ සුපිරි ෆුට්බෝල් අත්දැකීමක් ඔබට ලබාදෙන මෙම ඇප් එක නොමිලේ ලබාගත හැකියි. ඔබගේ ක්ණ්ඩායමක් ඔබට කැමති පරිදි ස්ආදා තරග වලට ඉදිරිපත් කරවීමට මෙහිදී හැකියාව ලැබෙනවා. ඉතාමත් ඉහල මට්ටමේ ග්‍රැෆික් සහිත ක්‍රීඩාවක් වන Real Football මනාව ක්‍රීඩා කිරීමට තරමක් ඉහල ප්‍රොසෙසරයක් ස්අහිත ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් තිබීම යෝග්‍යයි.

Download From Google Play Store

Football Manager Handheld 2013

Football-manager

මේ ක්‍රීඬාව තරමක් වෙනස් ආකාරයේ ක්‍රීඩාවක්. ෆුට්බෝල් ක්‍රීඩාවේ ක්‍රියාකාරකම් වලින් ඔබ්බට ගොස් ඔබට ෆුට්බෝල් ටීම් එකක කළමණාකාර තනතුර හෙබවීමට මෙහිදී අවකාශ ලැබෙනවා. කාළගුණය, ක්‍රීඩකයන්ගේ පුහුණුව, කණ්ඩායම සෑදීම, ප්‍රතිවාදී කණ්ඩායම් ආදී අංශ ගණනාවක් කෙරෙහි අවධානය යොමු කොට ඔබේ කණ්ඩායම ජයග්‍රහණය කරවීමේ වගකීම ඔබට පැවරෙනවා. මේ සඳහා මුලින් දක්වා ඇති ක්‍රීඩා තරම් පහසුකම් අවශ්‍ය නැහැ.

Download From Google Play Store

Football Kicks

footballkicks

තවත් නොමිලේ ලබාදෙන පාපන්දු ක්‍රීඩාවක් වන Football Kicks හි දී ඔබට තෝරා ගැනීම සඳහා අනු ක්‍රීඩා හයක් ලැබෙනවා. මූලිකවම මෙය නිපදවා තිබෙන්නේ සම්පූරණ තරගයක් ක්‍රීඩා කරනවාට වඩා ගෝල් ලබා ගැනීම මූලික කරගෙනයි. ඉක්මනින් ක්‍රීඩාව අවසන් කිරීමට අවශ්‍ය අයට මෙම ක්‍රීඩාව සුදුසුයි. ක්‍රීඩාව කරද්දී ලෙබන කොයින්ස් මගින් තවත් පහසුකම් ලබාගත හැකි වීම මෙහි විශේෂත්වයක්.

Download From Google Play Store

Fluid Soccer

fluid-soccer1

මෙම ක්‍රීඩාව උපායශීලීව ක්‍රීඩා කළ යුතු පාපන්දු ක්‍රීඩාවක්. පෙර සඳහන් කළ FIFA, Real Football ආදී ක්‍රීඩා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ක්‍රීඩා ක්ළ නොහෙකිනම් , ඔබේ ජංගම දුරකථනයේ ඇති කුඩා තිරය සඳහා මෙය ගැලපෙනවා. ක්‍රීඩකයන් ගමන්කරන දිශාවේ සිට පහර එල්ලකරන දිශාව දක්වා ඔබගේ පාලනය මත රැඳී පවතිනවා.

Download From Google Play Store

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

    2 Comments on "ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ Football ගහන්න හොඳම ගේම්ස් 5"

  1. Top 11 be a football manager… can play with fb. and android. Its my favorite.

lktips

Galleries

Hiranya Minoli - Hot PicturesMadhavi Kaushalya - Hot PicturesSachini Ayendra - Hot PicturesWathsala Diyalagoda - Hot PicturesAngelo Mathews Wedding PhotosDinakshi Priyasad - Hot PicturesUdayanthi Kulathunga - Hot PhotosKanchana Mendis - Hot PicturesShalani Tharaka - Hot Pictures