ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් ලොව ඕණෑම තැනක සිට පරිගණකය මෙහෙයවන්න.

July 25, 2012 by: in: Android

නිවසේ නොසිටින අවස්ථාවක හෝ ගමනක යෙදී සිටින විට යම් කිසි හදිසි වැඩක් සඳහා ඔබේ පරිගණකය භාවිතා කිරීමට ඔබට අවශ්‍ය වී තිබේද ? දැන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය භාවිතා කරමින් ලොව ඕනෑම තැනක සිට ඔබේ හෝ ඔබේ මිතුරෙකුගේ පරිගණකයට සම්බන්ධ වී එහි වැඩ කිරීමට ඔබට දැන් හැකියාව තිබෙනවා. මේ ඔස්සේ ඔබ කොහේ සිටියත් ඔබට අදාළ වැඩක් මඟ හැරීමට හෝ කල් දැමීමට සිදු වන්නේ නැහැ. අතේ ඇති ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් අවශ්‍ය පරිගණකයට සම්බන්ධ වී වැඩ කිරීමට ඔබට පුළුවන්.

මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා අප භාවිතා කරන මෘදුකාංගය TeamViewer. මේ සඳහා ඔබගේ ඇන්ඩ්‍රොයිඩයේ හා පරිගණකයේ යන දෙකෙහිම මෙම මෘදුකාංගය එක විට ක්‍රියාත්මක කර තැබිය යුතුයි.

Download Team Viewer for Android 

Download Team Viewer for PC, Mac or Linux

Team Viewer for Android ඔබගේ ඇන්ඩ්‍රියිඩ් උපාංගයේද Team Viewer for PC ඔබගේ පරිගණකයේද සුපුරුදු පරිදි ස්ථාපනය කරගන්න.

පරිගණකයේ Team Viewer ධාවනය ක‍ළ පසු ඔබට පහතපරිදි තිරයක් දක්නට ලැබේවි.

ඉන් අනතුරුව ඔබේ ඇන්ඩ්‍රියිස් උපාගයේද Team Viewer ධාවනය කරන්න.

ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ TeamViewer හි දක්නට ලැබෙන TeamViewer ID යන ස්ථානයට පරිගණකයේ TeamViwer හි සඳහන් Your ID එක ලබා දෙන්න. ඉන් අනතුරුව Remote Control බට්න් එක ඔබන්න. එවිට ඔබෙන් මුර පදයක් විමසාවි.

එයටත් පෙර පරිදිම Password ලෙස සඳහන් තැන ඇති අගය ලබාදෙන්න. ඔබ OK බට්න් එක එබූ විට ඔබගේ පරිගණකයට ඔබව සම්බන්ධ කෙරෙනු ඇති.

මෙහිදී යතුරු පුවරුව අයිකනය මත ක්ලික් කොට යතුරු පුවරුව හැසිරවීමටත්, මවුසයක අයිකනය මත ක්ලික් කොට මවුසය හැසිරවීමටත් පුළුවන්.

Categories
Android  
Tags
  • http://www.facebook.com/savinduridmaka Savindu Ridmaka

    පට්ටම පට්ට !!!!!!!!!!! thnx much !!!

  • chamil

    Niyamai…

Special Offer

Galleries

derana-miss-srilanka-hot-picturesChami Jayawardena - Hot PhotosPiyumi Leeniyagala - Hot PhotosPaboda Sandeepani Wedding PhotosDilani Abeywardana - Hot ModelJeewya Hansi Perera - Hot PicturesWaruna Madushanka Wedding PhotosChamila Asanka - Hot PicturesShreema Amarasinghe - Hot Photos