CSS Syntax – CSS Sinhala Tutorial 2

June 22, 2012 by: in: Sinhala CSS Tutorials

CSS Syntax

CSS පේළියක් ලිවීමේදී කොටස් දෙකක් තිබෙනවා. ඒ selector එකක් සහ declaration එකක් හෝ වැඩි ගණනක්.

Selector එක මගින් ඔබගේ දක්වන style එක apply විය යුතු HTML එලිමන්ට් එක කුමක් දැයි දක්වනවා.

සෑම declaration එකක්ම property සහ value වශයෙන් කොටස් දෙකකින් සමන්විතයි.

property යනු style එකට අදාල උපලක්ෂණය (attribute එක) යි. එයට අදාළ අගය value ලෙස දක්වනවා.

CSS උදාහරණ

CSS ප්‍රකාශයක් සෑම විටම අවසන් වන්නේ තිත් කොමාවකින් ( ; ). සෑම විටම එම ප්‍රකාශ { හා } වලින් ආවරණය වී තිබෙනවා.

p {color:red;text-align:center;}

කියවීම පහසු කර ගැනීම සඳහා අපි එය පහතාකාරයට ලියමු.

p
{

color:red;

text-align:center;

}

CSS Comments

ඔබගේ කේත යොදා ඇත්තේ කුමකටදැයි විස්තර කිරීමට කොමෙන්ටු භාවිතා කරනවා. ඔබ හෝ වෙනයම් කෙනෙක්ට පසු දිනක එකම කේතය සංස්කරණය කිරීමට සිදු වුවහොත් කොප්මෙන්ටු බොහෝ ප්‍රයෝජනවත් වනවා. කොමෙන්ටු බ්‍රවුසටය විසින් කියවන්නේ නැහැ.

CSS කොමෙන්ටුවක් ආරම්භ වන්නේ /* සහ අවසාන වන්නේ */යන ලකුණු වලින්. පහත උදාහරණය බලන්න.

/*This is a comment*/
p
{
text-align:center;
/*This is another comment*/
color:black;
font-family:arial;
}

You searched for...
css tutorials in sinhala, sinhala css tutorials, 

Special Offer

Galleries

Ramisa Wedikara - Hot PicturesShenaz Treasurywala - Hot PicturesNirosha Perera - Hot PicturesAnjana Weerasinghe - Hot PicturesRaini Charuka Goonatillake - Hot PicturesTheuni Hansamala - Hot PicturesSharen Diana Reimers - Hot PicturesPreity Zinta and Vivek Oberoi at the Carlton Super 7\'sBiggest Firework Display Of All Time Golden Jubilee Kuwait

Advertisements


guru