Best Google Chrome Extensions | හොඳම ගූගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන

March 30, 2012 by: in: Tips & HowTo

ගූගල් ක්‍රෝම් මෑත කාලයේ බොහෝ ජනප්‍රිය වූ වෙබ් බ්‍රවුසරයක්. එහි ඇති සරළ බව, වේගය හා එක්ස්ටෙන්ෂන්ස් මෙම ජනප්‍රියත්වයට හේතු වූවා කීවොත් නිවැරදියි. ගූගල් ක්‍රෝම් සමඟ භාවිතා කළ හැකි එක්ස්ටෙන්ෂන්ස් බොහෝ ගණනක් අතිරින් වඩාත්ම වැඩදායී එක්ස්ටෙන්ෂන්ස් 17ක් මෙසේ පෙළගස්වා තිබෙනවා. ඔබගේ ගූගල් ක්‍රෝම් සමඟත් මෙම එක්ස්ටෙන්ෂන්ස් භාවිතා කොට එහි ඵළදායීතාවය ඉහල නංවා ගැනීමට පුළුවන්.

1. Google Mail Checker

මෙය ස්ථාපනය කරගත් විට ඔබගේ බ්‍රවුසරය මතට පැමිණෙන අයිකනය මගින් ඔබ නොකියවූ ජීමේල් පණිවිඩ ගණන දැනගත හැකියි. ඒ මත ක්ලික් කළ විට අලුත් ටැබයක විවෘත වන ඔබගේ ජීමේල් ගිණුමෙන් අදාල පණිවිඩ කියවිය හැකියි.

2. Google Translate

ස්ථාපනය කොට තිබිය යුතුම එක්ස්ටෙන්ෂන් එකක් ලෙස සැලකිය හැකියි. විදේශීය භාශාවකින් ඇති වෙබ් අඩවි වල ඇති දෑ ඔබට තේරුම් යන පරිදි ඉංග්‍රීසි වැනි භාශාවකට හැරවා කියවීමට මෙම එක්ස්ටෙන්ෂන් එක භාවිතා කරන්න පුළුවන්.

3. Boomerang for Gmail

මෙමගින් ඔබට ජීමේල් පණිවිඩ පෙර සැකසූ වෙළාවකට ස්වයංක්‍රීයව යැවිය හැකියි. එනම් ඔබට හෙට පස්වරු තුනට ඊමේල් පණිවිඩයක් යැවිය යුතුනම්, එම වෙළාවට ඔබ රාජකාරි බහුල නම් කලින් පණිවිඩය ලියා එය හෙට පස්වරු 3ට යවන්න යැයි සඳහන් කොට තැබිය හැකියි. එවිට එය අදාළ වේළාවට ස්වයංක්‍රීයවම ලැබිය යුත්තාට ලැබෙනු ඇති.

4. FastestChrome – Browse Faster

නමේ සඳහන් පරිදිම මෙම එක්ස්ටෙන්ෂන් එක භාවිතයෙන් වෙබ් පිටු ගවේෂණය තරමක් වේගවත් කළ හැකියි. පිටු ස්වයංක්‍රීයවම ලෝඩ් වීම මෙහි ශී සිදු වෙනවා. ඔබ එක් වෙබ් පිටුවක් කියවමින් පහළට පැමිණෙන විට ඔබට අනෙක් පිටු වලට යාමට “NEXT” ක්ලික් කළ යුතු නෑ. එය ස්වයංක්‍රීයවම වේවි.

5. FB Photo Zoom

ෆේස්බුක් හි තම්බ්නේල් පින්තූරයක් මත මවුස් පොයින්ටය තබාගෙන සිටීමෙන් එහි විශාල පින්තූරය බලාගැනීමට මෙය භාවිතා කළ හැකියි.

6. Xmarks Bookmark Sync

ඔබගේ ක්‍රෝම් බ්‍රවුසරය සින්ක් කිරීමට මෙය භාවිතා කළ හැකියි. මෙමගින් බුක්මාක්ස්, ටැබ්ස්, පාස්වර්ඩ්ස් සියල්ලම සින්ක් සින්ක් වෙනවා. ඔබට වෙනත් පරිගණකයකදී එම සියල්ලම නැවත සුපුරුදු පරිදි භාවිතකළ හැකියි.

7. Speed Dial

ගූගල් ක්‍රෝම් වල අලුත් ටැබයක් ලබාගත් විට එන සුපුරුදු පෙනුම වෙනුවට නව පෙනුමක් මෙයින් ලබාදෙනවා. නිතර යන වෙබ් අඩවි මෙහි සඳහන් කොට තැබිය හැකියි.

8. Facebook Notifications

ෆේස්බුක් අඩවියට නොගොස් නෝටිෆිකේෂන්, මැසේජ් ආදී සියල්ලම මේ එක්ස්ටෙන්ෂන් එක මගින් දැකගත හැකියි. අවශ්‍ය නම් ඒ මත ක්ලික් ඔට අදාල පණිවිඩ දැකගත හැකියි.

මෙහි දෙවන කොටස තවත් මෙවැනි වැදගත් ඇඩෝන 9ක් සමඟින්…

Special Offer

Galleries

Nilanthi Dias - Hot PicturesPurnima Ranasinghe - Hot PicturesKanchana Mendis - Hot PicturesMorina Dass - Hot PicturesUddima Oshadi - Hot PhotosNadeesha Alahapperuma - Hot PicturesKaushalya Madhavi - Hot PhotosMaheshika Dilrukshi - Hot PicturesPushpika Sandamali - Hot Pictures