Best Google Chrome Extensions – Part 2 | හොඳම ගූගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන – 2 කොටස

April 1, 2012 by: in: Tips & HowTo

ගූගල් ක්‍රෝම් සමඟ භාවිතා කළ හැකි වටිනා, වැඩදායී එක්ස්ටෙන්ෂන් 8ක් පිළිබඳ අප පෙර ලිපියකින් කරුණු ගෙන ආවා. මේ එහි දෙව කොටසයි. මෙහිදීත් එවැනිම වැදගත් එක්ස්ටෙන්ෂන් 8ක් පිළිබඳ අවධානය යොමුකොට තිබෙනවා.

ඔබ පෙර ලිපිය කියවා නැත්නම් පහත සබැඳියෙන් ඒ වෙත යා හැකියි. – http://lionlk.com/how-to-tips/best-google-chrome-extensions

9. AddThis – Share & Bookmark

වෙබ් පිටුවක් ෆේස්බුක් ට්විටර් ඇතුළුව අනෙක් සමාජ ජාල 300ක් සමඟ ශෙයා කිරීමටද අවැසිනම් වෙබ් පිටිව ඊමේල් කිරීමට හෝ මුද්‍රණය කිරීමටද මෙම එක්ස්ටෙන්ෂන් එක මගින් අවකාශ සළසා දෙනවා.

10. Awesome Screenshot

මෙමගින් වෙබ් පිටුවක් හෝ පිටුවක කොටසක් ස්ක්‍රීන්ශොට් එකක් ලෙස ගත හැකියි. තවද එම පිටුව මත rectangles, circles, arrows, lines සහ text යොදාගෙන එක් එක් දේ සළකුණු කිරීමටද මෙහි හැකියාව තිබෙනවා.

11. Docs PDF/PowerPoint Viewer

බොහෝ අවස්ථා වල PDF ගොණු බලා ගැනීමට Adobe Acrobat Reader වැනි තරමක් විශාල මෘදුකාංග ස්ථාපනය කළ යුතු වෙනවා. Powerpoint ගොණු වලටද එය එසේමයි. මෙය තරමක් කරදර කාරී වැඩක්. මෙම එක්ටෙන්ෂන් එක භාවිතයෙන් ඔබට කාර්‍යාල ලිපිගොණු, පවර්පොයින්ට් ගොණු හා PDF ගොණු කරදරයකින් තොරව බලාගත හැකියි.

12. Firebug

Web Developer කෙනෙක්ට වැදගත් වන එක්ස්ටෙන්ෂන් එකක් ලෙස මෙය හැඳින්වීමට පුළිවන්. වෙබ් පිටුවේ ඇති HTML, CSS හා Javascript වැනි දෑ මෙමගින් පහසුවෙන් බලා එඩිට් කිරීමටද හැකියාව තිබෙනවා. එමෙන්ම අදාළ පිටුවල ඇති වැරදි හඳුනාගැනීමටද මෙය සමත්කම් දක්වනවා.

13. SEO for Chrome

SEO ක්ෂේත්‍රයේ අයට මෙන්ම Web Developers ලාටද බොහෝ වැදගත් වන එක්ස්ටෙන්ෂන් එකකි. මෙහි Competitive Analysis, Keyword Research, Backlink Checks, PageRank Checks හා තවත් බොහෝ දේ තිබේ.

14. Click & Clean

අන්තර්ජාලයේදී තම පෞද්ගලිකත්වය (privacy) ගැන වැඩියෙන් හිතන අයට භාවිතා කළ හැකි එක්ස්ටෙන්ෂන් එකකි මේ. ඔබගේ browsing history, temporary internet files හා තවත් එවැනි ගොණු හා කලින් ගිය වෙබ් පිටු වල URL හා ඒවාට අදාළ සියළු ගොණුද මෙමගින් ඉවත් කළ හැකියි. තවද ඔබගේ පරිගණකය තුළ malware ක්‍රියාත්මක වේනම් ඒ පිළිබඳව දැන්වීමටද මෙයට හැකියාව තිබෙනවා.

15. Magic Actions for YouTube

‍Youtube භාවිතා කරන අයට පහසුවෙන් වැඩ කරගත හැකි එක්ස්ටෙන්ෂන් එකකි මේ. මවුස් වීල් එක මගින් ශබ්දය අඩු වැඩි කිරීම HD ආකාරයට ඓයළුම වීඩියෝ බැලීම වැනි පහසුකම් ගණනාවක් මෙයින් සපයා දේ.

16. Chat for Google

ගූගල් ප්ලස් මිතුරන් සමඟ චැට් කරන්න මෙම එක්ස්ටෙන්ෂන් එක භාවිත කරන්න පුළුවන්.

 

මේ ලිපිය ඔබගේ ෆේස්බුක්, ට්විටර්, ගූගල් ප්ලස් මිතුරන් සමඟ බෙදා ගන්නත් අමතක කරන්න එපා…

  • PUBBA06

    niyamai lokka.tnx.math mewayen kipayak dagena thibbe,eth anith godak ewaye visthara balanna kammali kame hitiye.ela ela.

Special Offer

Galleries

Nilushi Abeykoon - Hot PicturesAmanda Silva - Hot PhotosSunakshi Bhardwaj - Hot PicturesShalini Rajapaksha - Hot PicturesShanika Prasadini - Hot PicturesRasangika Madushani - Hot PicturesDilani Abeywardana - Hot ModelYureni Noshika - Hot Pictures