Must have free add-ons for Skype | ස්කයිප් සඳහා තිබිය යුතුම ඇඩෝන
February 19, 2012 by: Lakshan Jayasinghe in: Tips & HowToඅප එදිනෙදා භාවිතා කරන මෘදුකාංග තුලට ස්කයිප් එකතු වී දැන් බොහෝ කල්. වියදමිකින් සහ කරදරයින් තොරව සන්නිවේදන කටයුතු කරන්න කැමති කා අතරත් ස්කයිප් බොහෝ ජනප්‍රිය මෘදුකාංගයක්. නමුත් අප ස්කයිප් වල ඇති ඇඩෝන පහසුකම භාවිතා නොකරන තරම්. ඉතින් මේ ලිපියෙන් අවධානය යොමු කොට තිබෙන්නේ ස්කයිප් සඳහා අප භාවිතා කළ යුතුම ඇඩෝන 5ක් පිළිබඳවයි.

1. Clownfish for Skype

Clownfish ස්කයිප් සධහා බොහෝ පහසුකම් එකති කිරීමට සමත් ඇඩෝනයක්. ඉංග්‍රීසි අක්ෂර භාවිතය හා වැරදි වචන නිවැරදි කිරීම, මැසේජ් encrypt කිරීම, ඔබ චැට් කරන පුද්ගලයා වෙනත් භාශාවකින් චැට් කරයි නම් මැසේජ පරිවර්තනය කොට පෙන්වීම හෝ පරිවර්ථනය කොට යැවීම (භාෂා 50ක් සඳහා) , ඔබ කියන දේවල් ටයිප් කොට අදාල පුද්ගලයාට යැවීම ආදී බොහෝ විශේෂාංග ගණනාවක් Clownfish සතු වනවා. එමෙන්ම කටහධ මාරු කර කතා කිරීම, ඇමතුම් පටිගත කිරීම ආදී දේවල් පවා මෙහි අන්තර්ගතයි.
2. Idroo

අප මිතුරන් සමඟ හෝ කිසියම් පිරිසක් සමඟ කුමක් හෝ වැදගත් යමක් සාකච්ඡා කරන විට කොළයක් සහ පෑනක් ගෙන හෝ වයිට් බෝඩ් එකක කරුණු කාරණා ඇඳ පැන්වීම සාමාන්‍ය දෙයක්. එහෙත් අප අන්තර්ජාලය හරහා කටයුතු කරන විට මෙම අවස්ථාව ඇහිරී යනවා. එම අඩුපාඩුව මඟ හැටීම සඳහා භාවිතා කළ හැකි ඇඩෝනයකි Idroo. මෙමගින් ඔබට හා ඔබ සමඟ ස්කයිප් හරහා සම්බන්ධවී සිටින අයට වයිට් බෝඩ් එකක් සපයා ඇනවා. මෙහි ඇඳිම පමණක් නොව ගණිතමය සමීකරණ විසඳීම වුවද පහසුවෙන් කිරීමට හැකියාව පවතිනවා.
3.Multi Skype Launcher

මෙය සමහර අයටනම් බොහෝ වැදගත් ඇඩෝනයක් වනවා නොඅනුමානයි. එක ස්කයිප් ගිණුමකට අමතරව තවත් අවශ්‍ය තරමක් ස්කයිප් ගිණුම් එකම පරිගණකයක එකම අවස්ථාවක විවෘත්ත කර ගැනීමට මෙයින් අවකාශ සලසා දෙනවා.
4.SkypeAutoAnswer

SkypeAutoAnswer මගින් ඔබට ලැබෙන ස්කයිප් ඇමතුම් ස්වයංක්‍රීයව ඔබවෙත සම්බන්ධ වන ආකාරයට සකසා ගැනීමට පුළුවන්. ඔබට අවශ්‍ය පුද්ගලයන්ගේ නම් පමණක් මෙයට ඇතුළත් කළ හැකියි. මේ නිසා වැදගත් ඇමතුම් මඟ හැරීම අවම කර ගැනීමට පුළුවන්.
5.Vodburner

වැදගත් වීඩියෝ ඇමතුම් හෝ සම්මන්ත්‍රණ පටිගත කොට තැබීමට මෙම ඇඩෝනය භාවිත කිරීමට පුළුවන්. අනෙක් සාමාන්‍ය පටිගත කරන ඇඩෝන වලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ එම වීඩියෝ ස්කයිප් තුලදීම සංස්කරණය කොට කෙළින්ම Youtube වෙත අප්ලෝඩ් කිරීමට හැකියාව තිබීමයි.
මෙම ලිපියේ දෙවන කොටසින් තවත් වැදගත් ඇඩෝන 5ක් පිළීබඳව අවධානය යොමු කෙරේ. බලාපොරොත්තු වන්න…
You searched for...ස්කයිප්,



![Apple vs Apple [Infographic] | කන ඇපල් සහ ඇපල් දුරකථන අතර තරඟය ! apple_apple](http://lionlk.com/wp-content/uploads/2012/02/apple_apple-141x140.png)