Must have free add-ons for Skype – Part 2 | ස්කයිප් සඳහා තිබිය යුතුම ඇඩෝන – දෙවන කොටස
February 21, 2012 by: Lakshan Jayasinghe in: Tips & HowToමීට කලින් ලිපියකින් ස්කයිප් සඳහා වැදගත් ඇඩෝන 5ක් පිළිබඳව අප අවධානය යොමු කළා. මේ එහි දෙවන කොටසයි. මෙහිදීත් තවත් වැදගත් ඇඩෝන කිහිපයක් ඉදිරිපත් කොට තිබෙනවා.
ස්කයිප් සඳහා තිබිය යුතුම ඇඩෝන පළමු කොටස
6. MP3 Skype Recorder
MP3 Skype Recorder මගින් ඔබ ස්කයි හරහා තවත් ස්කයිප් ගිණුමකට හෝ වෙනත් දුරකථනයකට ගන්න ඇමතුම් mp3 ලෙස පටිගත කළ හැකියි. ඔබට අවශ්‍ය නම් මෙය සෑම ඇමතුමක්ම ස්වයංක්‍රීයවම පටිගත වන ලෙසද සකසා තැබීමට පුළුවන්.
7. MAXA Notifier for Skype
මෙයත් නොමිලේ දෙන වැදගත් ඇඩෝනයක්. ඔබගේ ස්කයිප් මිතුරන් ඔන්ලයින් පැමිණි විට, ඕෆ්ලයින් ගිය විට ආදී අවස්ථා ගැන ඔබට ශ්‍රව්‍ය මාද්‍යයෙන් දෙනුම් දීමයි මෙම ඇඩෝනයෙන් සිදු වන්නේ. ඔබට අවශ්‍ය නම් අදාල අවස්ථාව ගැන text to speech engine භාවිතා කරමින් ඔබට ඉංග්‍රීසියෙන් පැවසීමටද මෙම ඇඩෝනය සමත්කම් දක්වනවා.
Download MAXA Notifier for Skype
8. SkyHistory
ඔබ මිතුරන් සමඟ චැට් කළ දෑ සාමාන්‍යයෙන්ම ස්කයිප් හි රැඳී තිබෙනවා. නමුත් SkyHistory මගින් එම පහසුකම තව දුරටත් වැඩි දියුණු කරමින් අතීතයේ ඔබ චැට් කළ දෑ මිතුරන් අනුව හෝ කාලය අනුව සෙවීමටත් ඒවා වෙන තැනකට export කර ගැනීමටත් පහසුකම් සළසා දෙනවා.
9. SkyRemote
මෙම ඇඩෝනයත් බොහෝ වැදගත් වන්නක්. මෙමගින් ඔබට ඔබේ ස්කයිප් සගයාගේ පරිගණකය පාලනය කිරීමට අවස්ථාව සළසා දෙනවා. අදාල පරිගණක දෙකෙහිම SkyRemote ස්ථාපනය කොට තිබීම මේ සඳහා අනිවාර්‍යයි.







