Online File Conversion | ඕනෑම ෆයිල් එකක් කැමති ආකාරයකට කන්වර්ට් කරගන්න.
April 24, 2012 by: Lakshan Jayasinghe in: Tips & HowToConverters අපි හැමෝම භාවිතා කරල තියන මෘදුකාංග වර්ගයක්නේ. ඒත් ඔය නම ඇහුණ හැටියෙම අපිට මතක් වෙන Converters වීඩියෝ සහ ඕඩියෝ කන්වර්ට් කරන්න භාවිතා කරන ඒවා. ඒත් විවිධ වැඩකටයුතු සඳහා අපිට වෙන විදියෙ ෆයිල් කන්වර්ට් කරන්න වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට PDF එකක් DOC එකක් විදියට, පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් වෙබ් පිටුවක් විදියට, zip ෆයිල් එකක් rar විදියට.. සමහර අවස්ථාවන් වල ඔබ මුහුණ දී ඇති, word 2007 වලින් සාදාගත් ගොණු word 2003 වල දී විවෘත කරගන්න නොහැකියි… මෙකී නොකෝ විවිධ විදියෙ දේවල් කන්වර්ට් කරගන්න වෙනවා. ඉතින් ඒ සඳහා ක්‍රමවත් පිළිවෙළක් සහ පහසු විදියක් තමයි මේ.

මේ වෙබ් අඩවියෙන් පුළුවන් එවැනි conversions කරන්න. ෆයිල් ෆෝමැට් විශාල ප්‍රමාණයක් මෙහි සහය දක්වනවා.
Step 1 යටතේ ඔබේ ෆයිල් එක අප්ලෝඩ් කරගෙන Step 2 යටතේ කන්වර්ට් විය යුතු ෆයිල් ෆෝමැට් එක සඳහන් කොට ඔබගේ ඊමේල් ලිපිණය ලබාදීම මගින් අදාල කන්වර්ට් කිරීම බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්.



