HTML Fonts | HTML ෆොන්ට – HTML Sinhala Tutorial 10
December 2, 2011 by: Lakshan Jayasinghe in: Sinhala HTML TutorialsHTML ගොණුවක අකුරු වර්ගය (ෆොන්ටය) වෙනස් කිරීම සඳහා භාවිත කෙරුණේ <font> ටැගයයි.
සුපිරුදු පරිදු මෙහි අවසාන ටැගය </font> වේ.
කෙසේවෙතත් මෙම ටැගය HTML 4 වලදී තරමක් අඩුවෙන් භාවිතා වූ අතර HTML 5 වලින් ඉවත් කර තිබෙනවා.

World Wide Web Consortium (W3C) තම රෙකමදාරු කිරීම් වලින් පවා මෙම ටැගය ඉවත් කර තිබෙනවා.
HTML 4 වල සිට ෆොන්ට් වර්ග වෙනස් කිරීම සඳහා Style Sheets (CSS) භාවිතා කරනවා.
<font> ටැගය භාවිතා කරන ආකාරය පහතින් උදාහරණයක් මගින් දක්වා තිබෙනවා.
<p>
<font size=”5″ face=”arial” color=”red”>
This paragraph is in Arial, size 5, and in red text color.
</font>
</p><p>
<font size=”3″ face=”verdana” color=”blue”>
This paragraph is in Verdana, size 3, and in blue text color.
</font>
</p>
ඉහත උදාහරණයේ <font> ටැගය සඳහා size, face, color යන උපලක්ෂණයන් භාවිත කර තිබේ.
You searched for...<font color red>sinhala< font>, free download sinhala fonts for lktips, html sinhala font,


