HTML Styles | HTML හැඩගැන්වීම් – HTML Sinhala Tutorial 11

HTML ගොණු හැඩ ගැන්වීම සඳහා CSS (Cascading Style Sheets) භාවිතා කරනවා.

Look! Styles and colors

This text is in Verdana and red

This text is in Times and blue

This text is 30 pixels high


HTML පිටුවක් CSS භාවිතයෙන් හැඩ ගැන්වීම

HTML ගොණුවක එලිමන්ට මනා ලෙස අලංකරණය හෝ හැඩ ගැන්වීම සඳහා HTML 4 සමඟ CSS හඳුන්වා දෙනු ලැබුවා.

CSS පහත ආකාර තුනෙන්ම HTML ගොණුවක් සඳහා එකතු කරගත හැකියි.

  • වෙනම ගොණුවක් ලෙස (CSS file)
  • Slyle එලිමන්ටය තුල (HTML ගොණුවේ Head කොටස තුල)
  • Style attribute එකක් ලෙස (එක් එක් HTML එලිමන්ටයට වෙන් වෙන් වශයෙන්)


HTML Style Attribute හි භාවිතය

HTML ගොණුවක් හැඩ ගැන්වීම සඳහා HTML Style Attribute භාවිතා කිරීම එතරම්ම ප්‍රායෝගික වන්නේ නැහැ.

Attribute පිළිබඳ අවබෝධය ලබාගැනීම සඳහා HTML Attributes පාඩම බලන්න.

නියම ක්‍රමය වන්නේ CSS වෙනම ගොණුවක් ලෙස ලියා එය HTML ගොණුවට ඇමිණීමයි.

කෙසේ වෙතත් මූලික කරුණු අවබෝධ කර ගැනීම උදෙසා අපි මෙසේ HTML Style Attribute ගැන අවධානය යොමු කරමු.

ඉදිරියේදී CSS පාඩම් මාලාවක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.


HTML Style උදාහරණ – Background Color

background-color මගින් HTML ගොණුවක පසුතල වර්ණය තීරණය කරනු ලබනවා.

<html>

<body style=”background-color:yellow;”>
<h2 style=”background-color:red;”>This is a heading</h2>
<p style=”background-color:green;”>This is a paragraph.</p>
</body>

</html>

tryit

 මෙය HTML වල bgcolor වෙනුවට භාවිතා වන සම්මත ක්‍රමයයි.

 

HTML Style උදාහරණ – Font, Color සහ Size

font-family, color, සහ font-size යන ඒවා පිළිවෙලින් ෆොන්ටය, එහි පාට සහ වර්ණය වෙනස් කිරීම සඳහා යොදා ගන්නවා.

<body>
<h1 style=”font-family:verdana;”>A heading</h1>
<p style=”font-family:arial;color:red;font-size:20px;”>A paragraph.</p>
</body>

</html>

tryit

font-family, color, සහ font-size යන ඒවා <frnt> ටැගය වෙනුවට භාවිතා කළ හැකියි.

 

HTML Style උදාහරණ – Text Alignment

text-align මගින් HTML ගොණුවක අකුරු එකෙල්ල කිරීම සිදු කළ හැකියි.

<html>

<body>
<h1 style=”text-align:center;”>Center-aligned heading</h1>
<p>This is a paragraph.</p>
</body>

</html>

tryit

 text-align භාවිතා වන්නේ <center> ටැගය වෙනුවටයි.


Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

lktips