LKTips for Firefox | English – Sinhala Instant Word Translate Add-on

LKTips ෆයර්ෆොක්ස් සඳහා ඉංග්‍රීසි – සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය

LKTips For Firefox

LKTips ෆයර්ෆොක්ස් ඇඩෝනය මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point) රඳවා තබා ගැනීම පමණකි. මෙම ඇඩෝනය ඔබගේ බ්වවුසරයේ ස්ථාපනය කර ගැනීම සඳහා පහත බට්න් එක භාවිතා කරන්න. ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව ෆයර්ෆොක්ස් රීස්ටාට් කරන්න. එතැන් පටන් LKTips ඇඩෝන්ය භාවිතා කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.

ඉහත සබට්න් එක මගින් ඇඩෝනය ස්ථාපනය වූයේ නැතිනම් බට්න් එක මත right click කිට save link as විධානය ලබාදී අදාළ ගොණුව පරිගණකයට ඩවුන්ලෝඩ් කරගන්න. බාගත කිරීමෙන් අනතුරුව lktips-lionlk.com.xpi ගොණුව ෆයර්ෆොක්ස් මතට Drag කොට දමන්න. නැතහොත් ෆයර්ෆොක්ස් ආධාරයෙන් විවෘත කරගන්න.

ඇඩෝනය ස්ථාපනය කළ පසු නොදන්නා ඉංග්‍රීසි වචනයක් මතට මවුස් පොයින්ටරය ගෙනගිය පසු එහි තේරුම පහත රූපයේ ආකාරයට සිංහලෙන් පෙන්වනවා.

Firefox බ්‍රවුසරය ඉහළ දකුණු කෙළවරේ LK Dictionary අයිකනය දක්නට ලැබේවි. ඒ මත ක්ලික් කර Dictionary පැනල් එක ලබාගත හැකියි. නැවතත් ඒ මත ක්ලික් කිරීමෙන් එය හැකිලෙනවා.

LKTips සමඟ එන මෙම ඩික්ෂනරියේ සිංහල වචන මෙන්ම ඉංග්‍රීසි වචනද සෙවිය හැකියි. එම වචන වල තේරුම සහ ඉංග්‍රීසි අර්ථ දැක්වීම මෙන්ම එයට සමාන අනෙකුත් වචනද මෙමගින් ඉදිරිපත් කෙරෙනවා.

වෙබ් පිටුවක් කියවන විට හමුවන නොදන්නා ඉංග්‍රීසි වචන හයිලයිට් කොට ඒ මත රයිට් ක්ලික් කර Search LK Dictionary විධානය ලබාදීම මගින් ඔබව LK Dictionary පිටුව වෙත යොමු වනවා.

එහිදී ඔබට වචනයේ තේරුම, අර්ථදැක්වීම හා සමාන වචනයන්ට අමතරව එය ඉංග්‍රීසියෙන් ශබ්ධ කරන ආකාරයද ඇසිය හැකියි.

LKTips ඇඩෝනයේ සැකසුම් ඔබට කැමති පරිදි වෙනස් කර ගැනීමට මෙම options වින්ඩෝව භාවිතා කරන්න.

Firefox Status bar එකේ LKTips අයිකනය එබීම මගින් LKTips ක්‍රියාත්මක සහ ක්‍රියා විරහිත කළ හැකියි.

LKTips 3.25 නිකුතුව (2013 නොවැම්බර් 10)
බ්‍රවුසරයට pop up ඩික්ෂනරියක් එක්කරන ලදී.
LK Dictionary සදහා සෙවුම් මෙනුවක් එක්කරන ලදී.
Thunderbird සහය ඉවත්කරන ලදී.
Firefox 25 සඳහා වැඩිදියුණු කරන ලදී.
LKTips 2.0 නිකුතුව (2012 සැප්තැම්බර් 17)
ෆයර්ෆොක්ස් 15 සඳහා සහාය දක්වන ලෙස වැඩිදියුණු කරන ලදී.
බාහිර අතුරු මුහුණත් වල සුළු වෙනස්කම් කිහිපයක් සිදු කරන ලදී.
පැවති දෝශ සමනය කරන ලදී.
LKTips 1.6 නිකුතුව (2012 අප්‍රේල් 06)
LKTips ෆයර්ෆොක්ස් 11 සඳහා සහය දක්වන ලෙස වැඩිදියුණු කරන ලදී.
LKTips 1.5 නිකුතුව (2011 දෙසැම්බර් 28)
LKTips ෆයර්ෆොක්ස් 9 සඳහා සහය දක්වන ලෙස වැඩිදියුණු කරන ලදී.
LKTips 1.3 නිකුතුව (2011 නොවැම්බර් 09)
LKTips ෆයර්ෆොක්ස් 8 සඳහා සහය දක්වන ලෙස වැඩිදියුණු කරන ලදී.
LKTips 1.2 නිකුතුව (2011 ඔක්‍තෝබර් 02)
දෝශ කිහිපයක් සමනය කරන ලදී
LKTips 1.0 නිකුතුව (2011 ජූනි 20)
මුසික දර්ශකය රැදී ඇති වචනය සැනින් පරිවර්ථනය කිරීම.
පරිවර්තනය කරන ලද වදන (හෝ වදන්) වෙබ් පිටුව තුළ ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව
Status Bar අයිකනය මගින් ක්ෂණිකව ක්‍රියා විරහිත කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
ඉංග්‍රීසි වදන්වල කැපිටල් සිම්පල් භේදය, ඒක වචන බහුවචන භේදය මෙන්ම වරනැගීම් නොසලකා සිංහලට පරිවර්ථනය කිරීම.
පැහැදිළි හා සරළ පෙනුම.
LKTips අතුරු මුහුණතේ තමන් කැමති ආකාරයට වර්ණ, ප්‍රමාණය, ෆොන්ට් වෙනස් කර ගැනීමේ හැකියාව.
වෙබ් පිටුවේ ඕණෑම තැනක ඇති වචන පරිවර්ථනය කිරීමේ හැකියාව.
මේ දක්වා සියළුම ෆයර්ෆොක්ස් හා තන්ඩර්බර්ඩ් සඳහා සහය දැක්වීම.
පරිපූර්ණ වචන කෝෂය.
නිවැරදිව නිපදවා තිබීම.