Facebook Now Has 901 Million Users | දැන් ෆේස්බුක් පරිශීලකයන් මිලියන 901ක්

April 24, 2012 by: in: Tech News

පසුගිය සඳුදා (22) ෆේස්බුක් අනාවරණය කළ පරිදි දැන් ඔවුන්ගේ මාසික ක්‍රියාශීලී පරිශීලකයින් ගණන මිලියන 901ක්. බිලියනයක කඩඉමට මේ අවුරුද්ද අවසාන වනවිට ළඟා විය හැකි යැයි ඔවුන් විශ්වාසය පළ කරනවා.

ඔවුන් වැඩිදුරටත් අනාවරණය කරන පරිදි ෆේස්බුක් වෙත දිනකට ඡායාරූප මිලියන 300ක්ද, දිනකට ලයික් සහ කමෙන්ටු බිලියන 3.2ක්ද අලුතින් එකතු වනවා. මීට අමතරව මිතුදම් බිලියන 125ක්ද ෆේස්බුක් සතුයි. පසුගිය මාර්තු මාසයේ සෑමදාම ෆේස්බුක් අඩවියට පිවිසි ගණන මිලියන 526ක්. ඒ අතරින් මිලියන 488ක් ෆේස්බුක් මොබයිල් ඇප් එකද භාවිතා කොට තිබෙනවා.


ෆේස්බුක් හි ජන ඝණත්වය

මේ කඩඉමට ළඟා වන විට පවා ෆේස්බුක් පසු වූයේ ලොව විශාලතම සාමාජ ජාල අඩවිය ලෙසයි. දෙවනි තැන පසුවන Twitter තම මිලියන 500කඩඉම පසු කළේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. නමුත් ඔවුන් පවසන පරිදි Twitter හි ක්‍රියාශීලී පුද්ගලයින් ගණන මිලියන 140ක් පමණයි.

Categories
Tags

Special Offer

Galleries

Randika Ahangama - Hot PictyresRasangika Madushani - Hot PicturesTheuni Hansamala - Hot PicturesNarmada Abeywardena Wedding Photos Nadini Premadasa - Hot PicturesZareena Zusan - Hot PicturesWathsala Diyalagoda - Hot PicturesSteve JobsMawbima Young - Cover Photos