Google හා Dialog එක්ව ලංකාවට නොමිලේ අන්තර්ජාලය

Google සමාගම ශ්‍රී ලංකාවේ Dialog හා එක්ව Free Zone නමින් අන්තර්ජාල සම්බන්ධතාවය නොමිලේ සැපයීමේ සේවාවක් ආරම්භ කර තිබෙනවා. ජංගම දුරකථන සඳහා ලබාදෙන මේ සේවාව මගින් ඔබට Google Search, Gmail හා Google Plus යන සේවාවන් 100%ක්ම නොමිලේ අත්විඳිය හැකියි. මෙහි ඇති ප්‍රධානම වාසිය වන්නේ Google Search හරහා වෙබ් අඩවි වලට පිවිසීමටද මුදල් වැය නොවීමයි.

මේ ගැන අදහස් දක්වන ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක ආචාර්‍ය හෑන්ස් විජයසූරිය මහතා ප්‍රකාශ කරන්නේ මිලියන 7.5ක් වූ ඔවුන්ගේ පාරිභෝගිකයන්ට නොමිලයේ අන්තර්ජාලය පරිහරණය කිරීමේ අවස්ථාව සලසා දීමේ මූලික පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ පරිගණක සාක්ෂරතාවය වැඩි කිරීමයි.

මෙම සේවාව සක්‍රීය කර ගැනීම සඳහා ඔබේ ජංගම දුරකථනයෙන් freezone.google.com හෝ freezone.dialog.lk වෙත පිවිසෙන්න. එවිට ඔබේ දුරකථනයේ පහත පිටුව දර්ශනය වේවි.

එහි Click here to get started යන ලින්ක් එක ක්ලික් කරන්න. එවිට ඔබට ලැබෙන්නේ පහත පිටුවයි. එහිදී ඔබගේ Google ගිණුමට ලොග් වීමට ඔබට සිදු වනවා.

freezone2

සාර්ථකව ගිණුමට ලොග් වූ පසු ඔබට පහත පින්තූරයේ ඇති වෙබ් විටුව දර්ශනය වේවි. මෙතැන් සිට ඔබට මුදල් අයවන්නේ නෑ.

එහි සර්ච් බොක්ස් එකේ යමක් සටහන් කොට සර්ච් කිරීමට හැකියි.

freezone4

එමෙන්ම වෙබ් පිටු වලටද පිවිසිය හැකියි. සාමාන්‍ය වෙබ් අඩවිය වෙනුවට ඔවුන් විසින් සරළ කරන ලද වෙබ් අඩවියක් පෙන්වනවා.

freezone5

මෙලෙස පිවිසිය හැක්කේ ගූගල් සර්ච් එකෙන් ඔබව යොමු කරන පිටුවට පමණයි. එම පිටුවේ ඇති සබැඳි ක්ලික් කර වෙනත් පිටුවකට යාමේදී සාමාන්‍ය පරිදි මුදල් අය කෙරෙනවා. නමුත් ඒ බව ඔබට පහත පරිදි කලින් දැනුම් දනවා. එතැනින් ඔබට නැවත Free Zone වෙත පිවිසීමට හෝ සාමාන්‍ය ගාස්තු යටතේ එම පිටුවට පිවිසීමට හෝ අවස්ථාව ලැබෙනවා.

freezone6

Google Plus සහ Gmail ද මෙසේ නොමිලයේ භාවිතා  කළ හැකියි.

freezone7

පරිගණක සඳහා

මේ සේවාව පරිගණක සඳහා සහය දක්වන්නේ නැහැ. නමුත් ඔබගේ බ්‍රවුසරයේ User Agent ජංගම දුරකථනයක User Agent ලෙස මාරු කිරීම මගින් පරිගණකයෙන්ද ඉහත සේවා අත්විඳිය හැකියි.

Firefox සඳහා User Agent මාරු කර ගැනීමට මේ ඇඩෝනය භාවිතා කරන්න.

ස්ථාපනය කරගත් පසු පහත රූපයේ ලෙස User Agent මාරු කරන්න. එය iPhone ලෙස සකසාගෙන ඉහත දක්වා ඇති පියවරයන් අනුගමනය කරන්න.

userangent

 

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

    13 Comments on "Google හා Dialog එක්ව ලංකාවට නොමිලේ අන්තර්ජාලය"

  1. Vimukthi Athurupanage says:

    මේකට සම්බන්ධ වෙන්න ඩයලෝග් කනෙක්ෂන් එකක්ම ඔනිද? ඩයලොග් සිග්නල් තමා අවුල. ස්තුතියි.

  2. okkomadewal says:

    Super wedak

  3. sun says:

    Gon paat. tawath minissu amaarue daana wadak.

  4. Shantha says:

    සබැදි පිටු වලට යනවිට වැයවෙන දත්ත ප්‍රමාණය අපි ගත් දත්ත ප්‍රමාණයෙන් අඩුවේද? නැත්නම් ඒ වැයවෙන දත්ත ප්‍රමාණයට බිලට යම් මුදලක් එකතු වෙනවද? කරණාකර ඒ ගැන කියන්න…….

    • LionLK.com says:

      ඔබ සාමාන්‍යයෙන් අන්තර්ජාලය භාවිතා කරන්නේ යම්සේද, Free Zone එකෙන් පිටත අනෙක් සබැඳි වලදී එම පැකේජයම අදාලයි.

  5. මට දැනගන්න පුළුවන්ද googl+ එකෙන් වීඩියෝ chat කරන්න පුලුවන් ද ..? ඩයලොග් Internet ගිය පසු add කළ යුතු apps එකක් තියෙනවද..

  6. Mayan Madusanka says:

    mage pc eke iphone 3.0 ennahane.firefox dala tiyenne.

  7. Sumith says:

    Firfox වලට වැඩ නැ

    Addone එකත් use කරා එත් වැඩ නැ හරි ගියපු අය ඉන්නවද?

lktips