Samsung Galaxy S4 Zoom : අඩක් කැමරාවක් සහ අඩක් ස්මාට් දුරකථනයක්

සැම්සුන්ග් සමාගම තාක්ෂණ ලෝකයේ පෙරළිකාර සමාගමක්. විද්‍යා ප්‍රබන්ධයන්ට පමණක් සීමාවී තිබූ තාක්ෂණයන් යතාර්ථ බවට පත්කරන ඔවුන් පසුගියදා තවත් අලුත් නිර්මාණයක් එළි දැක්වූවා. ඒ කැමරාවක් මෙන්ම ස්මාට් ජංගම දුරකථනකින්ද සන්නද්ධ උපකරණයක්. සැම්සුන්ග් ගැලැක්සි පවුලේම අලුත් සාමාජිකයෙක් ලෙස එකතු වන මෙම උපකරණය නම් කර ඇත්තේ Samsung Galaxy S4 Zoom ලෙසයි.

GALAXY-S4-zoom

ඉදිරිපස පෙනුමෙන් නම් මෙය Galaxy S4 Mini දුරකථනයට බොහෝ සේ සමානයි. අඟල් 4.3 ක qHD තිරය, 1.5GHz dual-core ප්‍රොසෙසරය, 1.5GB රැම් මතකය, 8GB storage එක සහ මෙගා පික්සල් 1.9ක ඉදිරිපස කැමරාවකින් මෙම උපකරණය සමන්විතයි.

GALAXY-S4-zoom_back

පසුපස පෙනුමෙන් මෙය සම්පූරණ කැමරාවක් ලෙස දිස් වනවා. ඇත්තෙන්ම Galaxy S4 Zoom පිටුපසින් 16-megapixe ප්‍රමාණයේ කැමරාවක් ලෙස හැඳින්විය හැකියි. අනෙක් ජංගම දුරකථන එකකවත් දක්නට නොමැති 10x ප්‍රමාණයේ ඔප්ටිකල් සූම් හැකියාවක්ද, optical image stabilizer (OIS) සහ සැම්සුන්ග් Smart Mode යන තාක්ෂණයන්ද මෙම කැමරාවේ භාවිත වෙනවා.

4G LTE තාක්ෂණය භාවිතා වන මෙහි ඊට අමතරව Wi-Fi, Bluetooth 4.0 සහ NFC ද භාවිතා වනවා. Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය මෙහි ධාවනය වන මෙහෙයුම් පද්ධතියයි.

මෙහි ප්‍රමාණය 25.5 x 63.5 x 15.4 mm. ප්‍රසිද්ධ ස්මාට් ජංගම දුරකථන හා සසඳා බැලූ විට එය තරමක් විශාල වුවත් අනෙක් දුරකථන සතු නොවන සුපිරි ඝණයේ කැමරාවක් මෙය සතු වීම නිසා ප්‍රමාණය ගැන විශාල ගැටලුවක් ඇති වන්නේ නැහැ.

Image courtesy of Samsung

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

lktips

Galleries

Thamaya - Hot PhotosNimasha De Silva - Hot PicturesPrashadi Ranasinge - Hot PicturesChami Dilrukshi - Hot PicturesThushara Kambil - Hot PicturesCharitha Widyasiri - Hot PicturesSunakshi Bhardwaj - Hot PicturesViveka - Hot PhotosHeshini Samarakkody - Hot Photos