How to colourize black and white photos – Tutorial 3

Hello every body, In this tutorial we are going to show you how to colourize and patching a black and white damaged photo.  So, Try this out for your grand pa’s photo. ඔන්න සිංහලෙන් තමයි තියෙන්නෙ….

ඉස්සල්ලම කියන්න ඕන මේ මම විස්තර කරල තියෙන්නෙ සරලම ආකාරය. වෘතීමය මට්ටමට යද්දි නම් මීට වඩා පියවර, සංකීරණ බව වැඩි වෙනවා.

මෙන්න තියනව අපිට ලැබෙන පරණ ඉමේජ් එක

මේක මේ පී ඇස් වලම තියන සාම්පල් ඉමේජ් එකක්නේ…

අපිට මුලින්ම කරන්න තියෙන්නෙ රූපය කෙලින් කරගන්න එක. වාසනාවට මේක නම් කෙලින්… කෙළින් නොතිබ්බොත්.. වැඩි පුර කොටස් එක්ක තිබුණොත් crop ටූල් එක (කීබෝඩ් එකේ c ඔබන්න) භාවිතා කරලා නිවැරදි කරගන්න පුළුවන්…

ඊළඟට පළුදු වීම් වසා ගන්න එක තමා කරන්න ඕන.
ඒකට ක්‍රම කීපයක් තියනවා.
Patch tool, Healing brush tool, Clone stamp tool කියන ඒව තමයි ඒ….
මෙතනදි භාවිතා කරන්න ලේසිම clone stamp tool එක සහ Healing brush ටූල් එක.පිළිවෙලින් කීබෝඩ් එකේ S සහ J යතුරු වලින් ඉහත ටූල්ස් දෙක ලබා ගන්න පුළුවන්.
Clone stamp tool එක භාවිතා කරද්දි කරන්නෙ මෙහෙමයි….
ටූල් එක අරගෙන ඩැමේජ් නැති තැනක Alt කී එකත් එක්ක ක්ලික් කරන්න.
දැන් Alt අත ඇරලා ඩැමේජ් තියන තැන උඩ පේන්ට් කරන්න.
එතකොට අපි මුලින් Alt එකත් එක්ක ක්ලික් කරපු තැන පේන්ට් කරන තැනට පිටපත් (Clone) වෙනවා.
රයිට් ක්ලික් කරලා බ්‍රෂ් එකේ හාර්ඩ්නස් එක අඩු කරගන්නත් අමතක කරන්න එපා…

ඊ ළඟට Healing Brush Tool එක.. මේකෙන් වෙන්නෙ Heal වෙන එක තමා…
ඉතිරි පොඩි පොඩි අඩුපාඩු තැන් මේ ටූල් එක යූස් කරල හදාගන්න පුළුවන්..
ආ… මේකත් Clone stamp tool එක වගේම තමා භාවිතා කරන්න ඕන…

කොහොම හරි පැච් ටික වහගත්තාම මේ වගේ පෙනේවි…

දැන් ඉතින් කරන්න තියෙන්නෙ වර්ණ ගැන්වීම තමා…

ප්‍රථම පියවර විදියට කරන්න ඕන මේ පින්තූරයේ කොටස් වෙන වෙනම සිලෙක්ට් කරන එක. මොකද හැම තැනම එකම පාට නෙමේනෙ…
මූණ, කොණ්ඩය, බ්ලේසර් එක, ෂර්ට් එක, ටයි එක, වෙන වෙනම වෙන් කරගත යුතුයි.

මේකට භාවිතා කරන්න Lasso ටූල් එකක්. Polygonal lasso tooකෙක භාවිතා කරල මේ වැඩේ කරන්න ලේසියි සහ ඉක්මන්.. කීබෝඩ් එකේ L කී එක එබුවාම මේ ටූල් එක ඒවි.
දැන් හිමීට මූන වටේ අඳින්න. සූම් කරගෙන අඳින්න. අඳින ගමන් සූම් කරන්න පුළුවන් Ctrlසහ+ යතුරු එකවර එබීමෙන්. Ctrlසහ- ඔබටා සූම් අවුට් කරගන්නත් පුළුවන්.
කොහොම හරි වටීම ඇඳලා පටන්ගත්තු තැන ක්ලික් ක්ලික් කලාම සිලෙක්ෂන් එක සම්පූර්ණයි. මෙන්න මේ වගේ…

එහෙම සිලෙක්ෂන් එක දාගත්තට පස්සෙ Select –> Save Selection ගිහින් සිලෙක්ෂන් එක නමක් දීලා සේව් කරගන්න.

ඊට පස්සෙ ආයෙත් ඉතිරි කොටස් ඒ විදියටම සිලෙක්ට් කරලා සේව් කරගන්න.

ඔක්කොම සිලෙක්ට් කරල ඉවට නම් අපි දැන් ආයෙ මූණ සිලෙක්ට් කරපු කොටස ලෝඩ් කරගමු.
Select –> Load Selection ගිහින් අපි මුලින් දීපු නම තෝරල ඕකේ කලාම කලින් අපි දාපු සිලෙක්ෂන් එක ලෝඩ් වෙනවා.
එහෙමත් නැත්නම් Channels පැලට් එකෙන් අදාල චැනල් එකේ තම්බ්නේල් එක Ctrl ඔබාගෙන ක්ලික් කලත් හරි.

දැන් යන්න Image –> Adjustments –> Variations

More green, More yellow, More Cyan, More Red, More blue, More Magenta කියන ඒව ක්ලික් කලාම පින්තූරයෙ අදාල කොටස වර්ණ ගැන්වෙනවා…
Current Pick කියන කොටසින් අවසන් ප්‍රතිඵලය නිරූපණය වෙනවා.
Original එක ක්ලික් කලොත් ආයෙහ් රීසෙට් වෙනවා.
Lighter හා Darker වලින් ආලෝකය පාලනය කරන්න පුළුවන්.
Shadows හා Highlights කියන Radio buttons මාරු කරලා Shadows හා Highlights වලත් වර්ණ ගැන්වීමේ වෙනස්කම් කරගන්න පුළුවන්.
වැඩේ හරි නම්…
ආයෙත් Radio button එක Midtones වලට මාරු කරලා ඕකේ කරන්න.

ඒ විදියට සිලෙක්ෂන් ලෝඩ් කරලා සියළුම කොටස් වර්ණ ගන්වගන්න.

Image –> Adjustments –> Colour balance වලිනුත් වර්ණගන්වන්න පුළුවන්…

දැන් ගොඩක් දුරට වැඩේ සම්පූර්ණයි. Sponge tool එක (O) අරගෙන Desaturate ආකාරයට Mode එක මාරු කරලා ඇස් දෙක ආයෙත් සුදුපාට කරගන්න.

තව අඩුපාඩු තියනවනම් බලල හදාගන්න උත්සාහ කරන්න…

අවසාන ප්‍රතිඵලය මේ විදියට දිස්වේවි…

{loadposition ad}

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

    3 Comments on "How to colourize black and white photos – Tutorial 3"

  1. maxaaaa says:

    thanks

  2. meeke pdf eka neddooo

lktips

Galleries

Kushi Liyanage - Hot PicturesPinki Geetha - Hot PicturesNadeesha Alahapperuma - Hot PicturesKishani Alanki - Hot PicturesNatasha Rathnayake - Hot PhotosMaheshi Madushanka - Hot PhotosPrasadi De Mel - Hot PicturesRamisa Wedikara - Hot PicturesShihan Mihiranga Wedding Photos