Whiten Teeth | ෆොටෝෂොප් වලින් දත් මැදීම – Photoshop Sinhalen 8
June 25, 2012 by: Lakshan Jayasinghe in: Sinhala Photoshop Tutorialsදුර්වර්ණ වූ දත් ඇති අයෙකුගේ ඡායාරූපයක එම පුද්ගලයාගේ දත් ෆොටෝෂොප් භාවිතා කරමින් නැවතත් සුදු පැහැ කර ගැනීමට මෙම පාඩමේදී අවධානය යොමු වනවා. මෙය සාමාන්‍යය ඡායාරූපයේ සිට මංගල ඡායාරූපය දක්වාම වැදගත් වන දෙයක්. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඡායාරූප ගැන ඩිසයිනර් කෙනෙක් ලෙස ඔබ වැඩියෙන් අවධානය යොමු කළ යුතුයි. ඒ අතරිනුත් ඇස් සහ දත් යනු බලන්නාගේ අවධානය වැඩියෙන්ම යොමු වන ස්ථාන දෙකක්. පෙර පාඩමේදී අප කතා බහ කළේ ෆොටෝෂොප් භාවිතයෙන් ඇසේ පාට වෙනස් කරගන්නා ආකාරයයි. මේ පාඩම සඳහා අප භාවිතා කරන්නේ Photoshop CS4.
![]()
ඔබ අන්තර්ජාලය පිරික්සා මේ සඳහා ගැලපෙන පින්තූරයක් මුලින්ම සොයාගත යුතු වනවා. අප භාවිතා කරන්නේ පහළ ඇති රූපයයි.

1. එම පින්තූරය සුපුරුදු පරිදි ෆොටෝෂොප් වලින් විවෘත්ත කරගන්න. සාමාන්‍යයෙන් පින්තූරයක් එඩිට් කිරීමට පෙර එම ලේයර් එකේ තවත් කොපියක් සාදා ගැනීම යහපත් පුරුද්දක්. එවිට ඔබට යම් වැරදීමක් සිදු වුවහොත් නැවත පළමු පියවරට යා හැකියි. මේ සඳහා Ctrl + J යන කෙටි පියවර හෝ Layer මෙනුවෙන් Duplicate Layer යන්න තේරීම හෝ කළ හැකියි.
2. දැන් මෙම පින්තූරයේ දත් කොටස පමණක් සිලෙක්ට් කරගත යුතුයි. මේ සිලෙක්ට් කිරීම සඳහා ෆොටෝෂොප් වල භාවිතා කළ හැකි ක්‍රම රාශියක් ඇතත් පහසුව සඳහා අප තෝරා ගන්නේ Quick Selection Tool එකයි (පහළ පින්තූරයේ 1 ලෙස දක්වා ඇත). එය Magic Wand එක ඇති මෙනුවේම දකින්න පුළුවන්.
අනතුරුව පහල පින්තූරයේ 2 ලෙස සටහන්ව ඇති තැන Quick Selection Tool එකෙහි mode එක Add to Selection ලෙස වෙනස් කළ යුතුයි.වඩා තත්‍යය සිලෙක්ෂන් එකක් සඳහා 3 ලෙස දක්වා ඇති ස්ථානයේ ඇති Auto-Enhance ඇක්ටිව් කරන්න.

3. දැන් පින්තූරය සූම් කරගෙන දත් ඇති ප්‍රදේශය සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කිරීමේදී [ හා ] භාවිතයෙන් එක් වර සිලෙක්ට් වන ප්‍රමාණය වෙනස් කරගත හැකියි.
4. සිලෙක්ට් කිරීමෙන් අනතුරුව උඩ ඇති Refine Edge… බට්න් එක ක්ලික් කිරීමෙන් Refine Edge වින්ඩෝ එක ලබා ගන්න. එකි smooth සහ feather අගයන් වෙනස් කරමින් ඔබේ සිලෙක්ෂක් එක මෘදු කරගැනීමට උත්සාහ කරන්න. ඔබගේ සිලෙක්ෂන් එකේ ප්‍රමාණය හා අදාළ ඡායාරූපයේ පරිදි මෙහි අගයන් එකිනෙකට වෙනස් වනු ඇති.
මේ අතරම යතුරු පුවරුවේ F එබීමෙන් සිලෙක්ෂන් එක පෙනෙන ආකාරය වෙනස් කර ගැනීමටද පුළුවන්. අවසානයේ OK මත ක්ලික් කරන්න.

5. දැන් අපට ඉතිරිව ඇත්තේ මෙම දත් වල ඇති කහ පැහැය අවම කිරීමයි. ඒ සඳහා අප Adjustments පැලට් එක භාවිතා කරනවා. එය පැලට් වල දක්නට නොමැතිනම් Window >> Adjustments හරහා ලබා ගත හැකියි. දැන් එහි Hue/Saturation මත ක්ලික් කරන්න.

6. ඉන්පසු එකි ඇති දෙවන drop down මෙනුවෙන් Yellows යන්න තෝරන්න. දැන් ඔබ කළ යුත්තේ Saturation හා Lightness ඔබේ පින්තූරයට ගැලපෙන ලෙස පිළිවෙලින් අඩු හා වැඩි කර ගැනීමයි. අප භාවිතා කළ පින්තූරයේදී එම අගයන් දිස් වුනේ පහත පරිදියි.

7. එය නිමා වීමෙන් පසු සම්පූරණ සිලෙක්ෂන් එකම නැවත තරමක් ආලෝකමත් කිරීම සඳහා Yellows යන්න තේරූ මෙනුවෙන්ම Master යන්න තෝරා Lightness ඉතාමත් පරිස්සමින් ස්වල්පයක් වැඩි කරන්න.

8. දැන් පින්තූරයේ දත් සුදු කර අවසානයි. මුල් රූපය හා මේ අවසාන ප්‍රතිඵලය සන්සන්දනය කර බලන්න.
නැවත ආකර්ෂණීය ෆොටෝෂොප් පාඩමකින් ළඟදීම හමුවෙමු !
You searched for...
photoshop sinhalen lessons,

