ඔබගේ ඩෙස්ක්ටොප් එකට අලංකාර Docks එක්කර දෙන මෘදුකාංග 3ක්

BY ON December 20, 2013

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල ස්ථාපනය කර ඇති මෘදුකාංග ක්‍රියාත්මක කිරීම සඳහා අප විවිධ ක්‍රම භාවිතා කරනවා. ඩෙස්ක්ටොප් අයිකන්ස්, ස්ටාට් මෙනුව, ක්වික් ලෝන්ච් ආදිය ඒ අතර ප්‍රධානයි. නමුත් සමහර අවස්ථා වලදී අපට අවශ්‍ය මෘදුකාංගය සැනෙකින් ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ නැහැ. එය කිනම් ස්ථානයක ඇතිදැයි සෙවීමට සිදු වෙනවා.  නමුත් ඔබ ඇපල් පරිගණකවල මෙන් dock එකක් භාවිත කරයි නම් සැනෙකින් අවශ්‍ය මෘදුකාංගය ක්‍රියාත්මක කරගත හැකියි. මෙම ලිපියෙන් ඔබගේ වින්ඩෝස් පරිගණකයට පහසුකම් රැසක් සමගින් අලංකාර dock එකක් එක්කර දෙන මෘදුකාංග කිහිපයක් ඉදිරිපත් කොට තිබෙනවා.

RocketDock

Windows මෙහෙයුම් පද්ධති සඳහා dock එකක් එකතු කර ගැනීමට ඇති ජනප්‍රියම මෘදුකාංගය ලෙස මෙය හැඳින්වීමට පුළුවන්. මෙයින් ලැබෙන ඩොක් එක Mac OS X මෙහෙයුම් පද්ධතියේ ඇති ඩොක් එකට බොහෝ සෙයින් සමානයි. මෙහි ඇති ප්‍රධාන පහසුකම් මෙසේයි.

windows-rocketdock

  • Drag-n-drop අතුරුමුහුණත මගින් මෙම ඩොක් එකට අයිටම්ස් ඇඩ් කිරීම, එඩිට් කිරීම හා ඩිලීට් කිරීම පහසුක් කර තිබෙනවා
  • අවශ්‍ය පරිදි සකසා ගත හැකියි. Thumbnails, running program indicators, icon zooms, auto-hide, positioning, layering, multi-monitor support, සහ තවත් පහසුකම් ගණනාවක්.
  • ObjectDock Docklets සහය. මෙවැනිම තවත් වැඩසටානක් වන ObjectDock හි docklet මෙහිදීද භාවිතා කළ හැකියි.
  • Portable මෘදුකාංගයක්. මෙය පෝටබල් මෘදුකාංගයක් ලෙස ස්ථාපනය නොකර වුවද භාවිතා කළ හැකියි.

Winstep Nexus

මෙම ඩොක් එක එතරම් ප්‍රසිද්ධ නොමැති වුවත් පෙර ස්අඳහන් කළ රොකට්ඩොක් එක සේම මෙයද ඉතා ගුණාත්මක භාවයේ තිබෙන මෘදුකාංගයක්. මෙයින් ඔබට ලැබෙන ප්‍රාධාන පාසුකම් අතර පහත ඒවාද වනවා.

windows-winstep-nexus

  • Drag-n-drop අතුරුමුහුණත මගින් මෙම ඩොක් එකට අයිටම්ස් ඇඩ් කිරීම, එඩිට් කිරීම හා ඩිලීට් කිරීම පහසුක් කර තිබෙනවා. මෘදුකාංග වලට අමතර ෆෝල්ඩර්ස්, ෆලික්ස්, වින්ඩෝස් සැකසුම් වැනි විවිධ දෑ මේ ස්අදහා එක්කරගත හැකියි.
  • Program trays. දැනට පරිගණකයේ ධාවනය වන වැඩසටහන් මොනවාදැයි Winstep Nexus ඩොක් එකෙන් බලා ගැනීමට පුළුවන්.
  • අලංකාර නිමාව. ඉතා චමත්කාර වර්ණ රටා සමඟින් zooms, bounces, spins, explosions, shifts, සහ තවත් ඇනිමේෂන් රටාද මෙහි අන්තර්ගතයි.
  • Performance scale, පරිගණකයේ ඇති වඩාත් වැඩි CPU Resources ප්‍රමාණයක් අවශ්‍ය වන මෘදුකාංග හා සේවා ක්‍රියාත්මක හා ක්‍රියා විරහිත කළ හැකියි.

Circle Dock

ඉහත ඉදිරිපත් කළ මෘදුකාංග දෙකම බොහෝ දුරට එකම ආකාරයේ අතුරු මුහුණතක් සහිත මෘදුකාංගයි. මෙය එම රටාවෙන් අතමිදී රවුම් අතුරු මුහුණතක් සහිතව නිමවා තිබෙනවා. මෙහි විශේෂත්වයන් ලෙස පහත කරුණු සැලකිය හැකියි.

windows-circledock

  • කවාකාර මෝස්තරය. මෙය තරමක් නුහුරු අත්දැකීමක් වුවත් , හුරු වූවායින් පසු අනෙක් ඩොක්ස් වලට ස්ආපේක්ෂව භාවිතය ඉතා පහසුයි.
  • වෙනස් භාවිතය. ඉහත අනෙක් මෘදුකාංග මෙන් මෙය මොනිටරයේ එක් කෙළවරකට ඇලී පවතින්නක් නොවේ. එනිසා ෂෝට් කට් කී භාවිතයෙන් ඔබ දැන් සිටිනා වින්ඩෝව කුමක් වුවත් සැනෙකින් මෙම ඩොක් එක එතැනම ලබාගත හැකියි.
  • Portable මෘදුකාංගයක්. මෙය පෝටබල් මෘදුකාංගයක් ලෙස ස්ථාපනය නොකර වුවද භාවිතා කළ හැකියි.

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

lktips

Galleries

Amanda Silva - Hot PhotosNimasha De Silva - Hot PicturesKusala Geethanjali - Hot PicturesRochelle Melani - Hot PicturesSangeetha Weeraratne - Hot PicturesRasangika Madushani - Hot PicturesVasana Danthanarayana - Hot PicturesNatasha Rathnayake - Hot PhotosNuwani Walimuni - Hot Pictures