8 Apps To Protect Your PC from USB Viruses | පෙන් ඩ්‍රයිව් මගින් බෝ වන කරදර කාරී වයිරස් වලින් ගැලවෙන හැටි…
March 26, 2012 by: Lakshan Jayasinghe in: SoftwareCD හා DVD භාවිතය දැන් කෙමෙන් කෙමෙන් අඩුවීයෙන යනවා. ඊට සාපේක්ෂවම Pen Drives භාවිතය සුලභ දෙයක් වෙලා. කෙසේ නමුත් මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුවක් තමයි වයිරස්. පරිගණක වයිරස් බෝ වන ප්‍රධාන මාධ්‍යන්ගෙන් එකක් තමයි මේ පෙන් ඩ්‍රයිව්. වයිසර් වැඩසටහනක්, මැල්වෙයා හෝ වෝම් වැඩසටහනක් සහිත පෙන් ඩ්‍රයිව් එකක් ඩබල් ක්ලික් කිරීමෙන් හෝ එක්ස්ප්ලෝර් ලෙස විවෘත කිරීමෙන් අපගේ පරිගණකයටත් එම හානිකර වැඩසටහන් ඇතුළු විය හැකියි. දැන් අපගේ පරිගණකයට වෙන පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කළත් එයටත් එම වැඩසටහන පැතිරී යනවා. මේ හිසරදයෙන් ගැලවීමට උපකාරී වන මෘදුකාංග කිහිපයක් තමයි මේ…
USB Guardian
මෙමගින් වයිරස් ආදී කරදර කාරී වැඩසටහන් වලින් හානියක් නැතිව අපගේ ගොණු හුවමාරු කරගැනීමට පුළුවන්.
USB WriteProtector
මෙම වැඩසටහන මගින් අපගේ පෙන් ඩ්‍රයිව් එක රයිට් ප්‍රොටෙක්ට් (write protect) ආකාරයට සකසා ගත හැකියි. එමගින් වයිරස් ඇති පරිගණකයකට සම්බන්ධ කළත් ස්වයංක්‍රීයව වයිරස් කොපි වීමක් සිදු වන්නේ නැහැ.
USB FireWall
USB FireWall ඔබගේ පෙන් ඩ්‍රයිව් එක හා අනෙක් පාටිෂන් ස්කෑන් කොට එහි ඇති autorun ගොණු මකා දැමීමට සහයෝගය දෙනවා. වයිරස් වැඩසටහන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම වළක්වා ගැනීමට මෙම මෘදුකාංගය භාවිතා කිරීමට පුළුවන්.
USB Disk Security
පෙන් ඩ්‍රයිව් එකක් මගින් පරිගණකයට කොපි වීමට උත්සාහ දරන malicious වර්ගයේ වැඩසටහන් හා වයිරස් වළකාලීම සඳහා මෙම මෘදුකාංගය ඉවහල් වෙනවා. මෙහි ඇති තවත් වැදගත් අංගයක් නම් අදාළ පෙන් ඩ්‍රයිව් එක මගින් ඔබගේ පෞද්ගලික තොරතුරු කොපි කරගැනීමට උත්සාහ දරයි නම් එයද වළකා ලීමයි.
USB immunizer
මෙමගින් ඔබගේ පෙන් ඩ්‍රයිව් එකට වයිරස් වැඩසටහන් පැමිණීමට ඇති ඉඩකඩ අඩු කරනවා.
Autorun Eater
Autorun Eater මගින් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක තුළ ඇති නොමනා autorun.inf ගොණු ඉවත් කරනවා. කෙසේ වෙතත් ඉවත්කළ ගොණු ඔබට අවශ්‍යනම් නැවතත් ලබා ගත හැකියි.
USB Threat Defender
මෙය තරමක් වැඩ වැඩි මෘදුකාංගයක්. වයිරස් ගාඩ් එකකින් මඟ හැරී ගිය වයිරස් ආසාදිත ගොණු පවා ඉවත් කරමින් ඔබගේ පරිගණකයට USB උපාංග හරහා ඇතුළු වන වයිරස් වලින් මනා ආරාක්ෂාවක් සපයනවා.
Panda USB and AutoRun Vaccine
වින්ඩෝස් වල Autorun වීම නැවැත්වීමට ක්‍රමයක් නැහැ. මෙම මෘදුකාංගය මගින් එය ඔබේ පරිගණකයට ලබා දෙනවා. ඔබට අවශ්‍ය දෑ පමණක් ඔටෝරන් වන ලෙස සකසා ගත හැකියි.











