Microsoft Office වෙනුවට නොමිලේ දෙන ඔෆිස් පැකේජ 5ක්

Microsoft Office කියන්නෙ ඔෆිස් මෘදුකාංග අතරින් වඩාත්ම ජනප්‍රිය මෘදුකාංග පැකේජය. එහි අන්තර්ගත මෘදුකාංග සහ ටූල්ස් වල භාවිතය පහසු වීම හා අත්‍යාවශ පහසුකම් සියල්ලම පාහේ ලබා දීම මේ ජනප්‍රියත්වයට හේතු වී තිබෙනවා. නමුත් ඔෆිස් පැකේජවල මිල අධික බව නිසාම ඒවා මිලදී ගැනීම සාමාන්‍ය අය හට සිහිනයක්. නීති විරෝධී ලෙස ක්‍රැක් කොට මෘදුකාංග භාවිත කිරීමට වඩා ඒ පහසුකම්ම ලබදෙන වෙනත් මෘදුකාංග පැකේජයක් භාවිත කිරීම යහපත් ක්‍රියාවක්. ඒ නිසා මේ ලිපියෙන් අප අවධානය යොමු කළා Microsoft Office වෙනුවට නොමිලේදෙන අනෙක් ඔෆිස් මෘදුකාංග පැකේජ වෙත.

1.Google Docs (Google Drive)

අන්තර්ජාලය වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මෙවැනි අවධියක එයින් උපරිම ඵළ නෙළා ගැනීමට අප පෙළඹිය යුතුයි. ගූගල් සමාගමේ Google Drive සතු පහසුකම් සාමාන්‍ය ඔෆිස් පැකේජයක පහසුකම් සපුරාලන්නට සමත්. ඔබට මෙය ඔබේ පරිගණකයේ ස්ථාපනය කිරීමට සිදු වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ඔවේ ගූගල් ගිණුමට ලොග් වීම පමණයි. ගූගල් ඩ්‍රයිව් තුල ඔබ ට Word Processor, Spreadsheet application, සහ Presentation app එකක් දකින්නට පුළුවන්. ඔබ ඒ පහසුකම් භාවිත කොට සාදන ලිපි ගොණු ලොව ඕණෑම තැනක සිට යලි විවෘත කොට එඩිට් කිරීමේ හැකියාවත් අන් අය සමඟ බෙදා ගැනීමේ පහසුවත් නිසා පරිගණකය මත ස්ථාපනකොට ඇති ඔෆිස් පැකේජයකට වඩා බොහෝ වාසි සහගතයි.

තව කියවන්න – නොමිලේ 5GB ඉඩක් ගූගල් වෙතින් !

2.Microsoft Office Web Apps

ගූගල් ඩ්‍රයිව් හා තරඟ වදිමින් ජාලගත ලොවට මයික්‍රොසොෆ්ට් ආයතනය හඳුන්වාදුන් ඔෆිස් පැකේජයයි මයික්‍රොසොෆ්ට් ඔෆිස් වෙබ් ඇප්ස්. මෙය සම්පූරණයෙන්ම නොමිලේ ලැබෙන සේවාවක්. ඔබට අවශ්‍ය වන්නේ Windows Live ID එකක් පමණයි. Word, Excel සහ PowerPoint යන මෘදුකාංග වලට හුරු පුරුදු ඔබට එම මෘදුකාංගම Microsoft Office Web Apps තුලදී භාවිතා කරන්නට පුළුවන්. එපමණක් නොව ඔබේ ලිපි ගොණු ගූගල් ඩ්‍රයිව් හිදී මෙන්ම අනෙක් අය සමඟ පහසුවෙන් බෙදා හදා ගන්නටත් ඔබට හැකියාව තිබෙනවා.

3.Kingsoft Office Suite

Kingsoft Office Suite ඔබේ පරිගණකයේ මෙන්ම Android උපාගයේද භාවිතා කළ හැකියි. මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජයෙන් නිර්මාණය කළ ලිපි ගොණු එඩිට් කරන්නටත් එවැනි ගොණු සාදන්නටත් මේ මෘදුකාංගයට හැකියි.

4.Thinkfree

මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජයේ හැඩ හුරුකම් වලට හුරු වූ ඔබට වෙන ඔෆිස් පැකේජයකට හුරු වීම අපහසුනම් ඒ සඳහා නියම විසඳුමයි මේ. මේ වෙබ් අඩවියේ ඇති word processing, spreadsheet, සහ presentation graphics පහසුකම් සපයන වෙබ් ඇප්ස් මයික්‍රොසොෆ්ට් ඔෆිස් ආරට නිමවා තිබෙනවා. ඔබට අවද්‍ය වන්නේ නොමිලේ සාදාගත හැකි ගිණුමක් පමණයි.

5.Libreoffice

නොමිලේ දෙන ඔෆිස් පැකේජ අතරින් ජනප්‍රියම පැකේජයක්. මයික්‍රොසොෆ්ට් ඔෆිස් හා එකට ගැටෙමින් මේ මෘදුකාංග පෙළ මනා නිමාවකින් සකසා තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජ වල දක්නට ලැබෙන සෑම ප්‍රධාන අංගයක්ම පාහේ මෙහි දකින්නට පුළුවන්.

තව කියවන්න – අලුත් මුහුණුවරක් සමඟින් එන LibreOffice 3.5

 

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

lktips