වේගවත්ම DNS සේවාවට මාරු වී අන්තර්ජාලය වේගවත් කරගන්න

BY ON December 27, 2013

ඔබේ අන්තර්ජාල සබඳතාවයේ වේගයට බලපාන කාරණාවන් බොහොමයක් තිබිය හැකියි. නමුත් එයින් ප්‍රධාන එකක් ලෙස අපගේ අන්තර්ජාල සේවාව භාවිතා කරන DNS (Domain Name System) Servers වල වේගය හැඳින්විය හැකියි. සාමාන්‍යයෙන් අප භාවිතා කරන්නේ අපගේ අන්තර්ජාල සේවා සපයන්නාගේ DNS සේවායි. නමුත් එය වෙනස් කොට Google, OpenDNS වැනි DNS Servers භාවිතා කිරීමෙන් අත් වන වාසි රැසක් තිබෙනවා. අන්තර්ජාල සබඳතාවයේ වේගය පැහැදිළි ලෙසම වැඩි කර ගත හැකි වීම සහ අවහිර කර ඇති වෙබ් අඩවි වලට පිවිසීමට හැකි වීමද එසේ ලැබෙන වාසි අතර ප්‍රධානයි. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන මෘදුකාංගය මගින් ඔබගේ පරිගණකයේ DNS ක්ෂණිකව ඔබ කැමති වෙනත් ඕණම DNS සේවාවක් වෙත වෙනස් කර දීමට සමත්.

පරිගණකයේ අන්තර්ජාල සබඳතාවයේ DNS මාරු කිරීම මෙහෙයුම් පද්ධතිය මඟින්ද සිදු කර ගැනීමට පුළුවන්. නමුත් එය තරමක කරදර කාරී ක්‍රියාවක්. මෙම මෘදුකාංගය මගින් ඔබට තෝරාගත හැකි නොමිලේ භාවිතා කළ හැකි DNS සේවා රාශියක් ඉදිරිපත් කෙරෙනවා. එපමණක් නොව ඒ සෑම සේවාවක්ම පරීක්ෂා කර බලා වඩාත් වේගවත්ම DNS සේවාව තෝරා දෙනවා. මෙහි ක්‍රියාකාරීත්වය තව දුරටත් බැලීමට මත්තෙන් පහත සබැඳියෙන් DNS Jumper ලෙස නම් කොට ඇති මෙම මෘදුකාංගය බාගත කරගන්න.

► DOWNLOAD DNS JUMPER

DNS Jumper මෘදුකාංගය පෝටබල් මෘදුකාංගයක් නිසා ස්ථාපනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඩවුන්ලෝඩ් වුණ zip ගොණුව extract කරගන්න. අනතුරුව එහි ඇති DnsJumper.exe ගොණුව ඩබල් ක්ලික් කළ විට පහත පින්තූරයේ පරුදි මෙම මෘදුකාංගය විවෘත වේවි.

dnsjumper

එහි Choose DNS Server ලෙස සඳහන් drop down මෙනුව ක්ලික් කළ විට ඔබට තෝරාගත හැකි DNS සේවා විශාල ප්‍රමාණයක් දිස් වනවා. එයින් කැමති එකක් තෝරාගෙන Apply DNS බට්න් එක එබීම මගින් එම DNS සේවාව ඔබේ පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්.

dnsjumper2

නමුත් එම ලයිස්තුවේ ඇති සෑම DNS සේවවක්ම වේගවත් නැහැ. එම නිසා ඔබ සිටින ස්ථානයට හා අන්තර්ජාල සබඳතාවයට ගැලපෙන පරිදි වේගවත්ම DNS සේවාව තෝරා එය ඔබගේ DNS සර්වරය බවට පත් කර ගැනීම නුවණට හුරු ක්‍රියාවක්. ඒ සඳහා Fastest DNS බට්න් එක ඔබන්න. ඔබට ලැබුණ වින්ඩෝවෙන් Find Fastest DNS බට්න් එක ඔබන්න.

dnsjumper3

එවිට සියලු ප්‍රධාන DNS සේවාවන් පරීක්ෂා කර බලා ඉහත රූපයේ පරිදි වේගවත්ම DNS සේවාව පෙන්වනවා. Apply Fastest DNS බට්න් එක මගින් එය පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්. එම කටයුතු අවසන් වූ පසු මෘදුකාංගය ක්ලෝස් කළ හැකියි.

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

    4 Comments on "වේගවත්ම DNS සේවාවට මාරු වී අන්තර්ජාලය වේගවත් කරගන්න"

  1. danushka says:

    miyamai yalu.. niyama software eka.. thanks.. :)

  2. irshaad says:

    niyamayi……patta
    100% wada kalaa….ela thankz

  3. නියමයි.. අපිත් ගත්තා..

  4. chamara says:

    pattama thank saho.win8.1 pro mama duwanai.speed eka wenas una.

lktips

Galleries

Maheshi Madushanka - Hot PhotosGayesha Perera - Miss Asia Pacific World 2012Dilni Samudika Dodangoda - Hot PicturesNathasha Perera - Hot PicturesVinosha Wickramasinghe - Hot PicturesDevi Preethi - Hot PicturesNehara Peiris - Hot PicturesKanchana Mendis - Hot PicturesWathsala - Hot Photos