ඔබේ ඩෙස්ක්ටොප් එකට අලංකාර නත්තල් සැරසිළි

BY ON December 22, 2013

නත්තල උදා වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. ආගම් බේධයකින් තොරව අප සැවොම අසිරිමත් නත්තල සමරණවා. නත්තල් ගස්, අලංකාර විදුලි බුබුළු ආදී විවිධ සැරසිළි මේ කාලය තුල නිවසේ, කාර්‍යාලයේ, වෙළඳ පොළේ සහ ඇස ගැටෙන බොහෝ තැන්වල දක්නට ලැබෙනවා. පරිගණක වලට ඇළුම් කරන ඔබට දැන් ඔබේ පරිගණක තිරයත් අලංකාර නත්තල් සැරසිලි වලින් සරසා ගන්නට පුළුවන්. මේ ලිපියෙන් අප ඔබේ ඩෙස්ක්ටොප් එකට එක්කරගත හැකි නත්තල් ගස් ආදී විවිධ චිත්තාකර්ෂණීය සැරසිළී රැසක් ඉදිරිපත් කොට තිබෙනවා. මේවා නොමිලේම ඩවුන්ලෝඩ් කරගත හැකියි.

thumb_template

මෙම සැසසිලි කුඩා මෘදුකාංග ලෙස ක්‍රියාත්මක වෙනවා. නමුත් ස්ථාපනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඩවුන්ලෝඩ් කළ පසු සාමාන්‍ය ආකාරයට ඩබල් ක්ලික් කිරීම මගින් මේවා ක්‍රියාත්මක කර ගැනීමට පුළුවන්. මෙමගින් ඔබට නත්තල් ගස්, හිම වැසි, අලංකාර විදුලි බුබුළු ආදී දෑ ඩෙස්ක්ටොප් එකට එක්කරගත හැකියි. පහත සබැඳියෙන් මෙම අලංකාර සැරසිළි බාගත කරගන්න.

DOWNLOAD CHRISTMAS DECORATIONS

 

christmas-treeschristmas-dec

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

    1 Comments on "ඔබේ ඩෙස්ක්ටොප් එකට අලංකාර නත්තල් සැරසිළි"

  1. Damith says:

    yaluwa… mewa stop karanne kohomada?

lktips