How To Backup All Your Browsers | ඕණෑම බ්‍රවුසරයක් බැකප් කරගන්නෙ මෙහෙමයි

අපේ බ්‍රවුසර වල විවිධාකාර තොරතුරු අප විසින් ගබඩා කොට තිබෙනවා. Usernames, Passwords වැනි දෑ මෙන්ම Bookmarks, History වැනි දෑ ද ඒ අතර වනවා. තව දුරටත් අන්තර්ජාල භාවිතයේ History එක, ඇඩෝන, ෆෝම් වල පිරවුම් තොරතුරු සහ විවිධාකාර අනෙකුත් සැකසුම් අපගේ බ්‍රවුසරයේම තිබෙන වෙදගත් තොරතුරු ලෙස සලකන්න පුළුවන්. විවිධාකාර කටයුතු නිසා අපගේ පරිගණකය ෆෝමැට් කිරීමට සිදු වුවහොත්, එසේත් නැතිනම් වෙන පරිගණකයක් භාවිත කිරීමට සිදු වුවහොත් මේ තොටතුරු සියල්ලම අපට නැති වී යන්න පුළුවන්. එවිට මුල සිට අළුත් බ්‍රවුසරයේ සැකසුම් සාදන්නට සිදු වනවා. මේ අපහසුතා සියල්ල මඟ හැරවාගන්න අපගේ බවුසරය බැකප් කිරීමට පුළුවන්.

මේ සඳහා ෆයර්ෆොක්ස් වෙනුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංගයක් අප පෙර ලිපියකින් ගෙන ආවා. නමුත් මේ මෘදුකාංගය ඊට වඩා සුවිශේෂි එකක්. ඒ මන්ද යත් මෙය portable ආකාරයේ මෘදුකාංගයක්.  එනම් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කිරීමකින් තොරවම භාවිතා කරන්න පුළුවන්. අනෙක් කාරණය නම් මෙම මෘදුකාංගය මගින් Internet Explorer, Firerox, Google Chrome, Opera, Safari සහ Flock යන බ්‍රවුසර සියල්ලටම සහයෝගය දක්වනවා. ඔබ භාවිතා කරන බ්‍රවුසරය ඉහත සඳහන් ඒවායින් කුමක් වුවත් මේ මෘදුකාංගය මගින් බැකප් කරගන්න පුළුවන්.

 

Download FavBackup 2.1.2

මෘදුකාංගය ක්‍රියාත්මක කළ පසු ඉහත දැක්වෙන කොටස මගින් තමන් බැකප් කළ යුතු බ්‍රවුසරය තෝරා දිය යුතුයි. බැකප් ක්‍රියාවලිය අතරතුර ඔබගේ බ්‍රවුසරය ක්‍රියාත්මක නොකර සිටින්න වගබලා ගන්න.

ඊළඟ පියවරේදී බැකප් විය යුතු දෑ තේරීම කරන්න පුළුවන්. සියළුම දෑ බැකප් කිරීමට අවශ්‍යනම් කිසිදු වෙනසක් නොකර Backup location යන ස්ථානයට බැකප් එක සේව් වීම සඳහා ස්ථානයක් ලබාදෙන්න. අනතුරුව Next ඔබන්න. අවසානයේ ඔබ ලබාදුන් තැන .dat ආකාරයේ අළුත් ගොණුවක් නිර්මාණය වී ඇති. ඒ ඔබේ බ්‍රවුසරයේ බැකප් ගොණුවයි. එය සුරැකිව තබාගෙන වෙන පරිගණකයක හෝ තම පරිගණකය ෆෝමැට් කිරීමෙන් පසුව හෝ රීස්ටෝ කළ හැකියි.

Restore කිරීමත් ඉහත ආකාරයෙන්ම සිදු කළ හැකියි. මුලින්ම Restore කොටසින් අදාල බ්‍රවුසරය තෝරා ඊළඟ පියවරේදී Backup location යන තැනට ඔබගේ බැකප් ගොණුව ඇති ස්ථානය ලබා දී Next ඔබන්න්න.

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

lktips