Login your PC with your Face | ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න
February 13, 2012 by: Lakshan Jayasinghe in: Softwareවිද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වලදි අපට බොහෝ වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි පරිගණක අගුළු දැමීම සඳහා භාවිතා කරන්නාගේ මුහුණ භාවිතා කිරීම. එනම් එම පරිගණකය අන්ලොක් කර ගැනීම සඳහා අදාල භාවිතා කරන්නාගේම මුහුණ පෙන්විය යුතු වනවා. මෙය ඇත්තෙන්ම බොහොම රසවත් කාරණාවක්. දෙන් ඔබටත් ඔබගේ පරිගණකය ඔබගේම මුහුණ පෙන්වූවිට පමණක් අන්ලොක් වන ආකාරයෙන් සාදාගන්න පුළුවන්.

ඒ සඳහා Luxand Blink නම් මෘදුකාංගය භාවිතා කරනවා.
Download Link – http://www.luxand.com/blink/
මෙමගින් ඔබගේ ගිණුමට අදාලව ඔබගේ මුහුණ මතක තබාගන්නවා. කන්ණාඩි පැළඳ සිටීම හෝ නොසිටීම, රැවුල වවා තිබීම හෝ නොතිබීම, කොණ්ඩයේ රටාව ආදී නිතර වෙනස් වන කරුණු Luxand Blink මගින් නිවැරදිව වටහාගෙන ඔබට පරිගණකයට ඇතුළු වීමට ඉඩ සලසා දෙනවා.
යම් හෙයකින් ඔබගේ මුහුණ හඳුනා ගැනීමට අපොහොසත් වුවහොත් ඔබගේ මුර පදය යොදා පරිගණකයට ඇතුළු විය හැකියි.
You searched for...මුහුණ පෙන්වා,




