Windows Explorer වලටත් Chrome වගේ Tabs
September 20, 2012 by: Lakshan Jayasinghe in: Softwareඅප පරිගණකයේ වැඩක යෙදෙන විට එක්ප්ලෝරර් වින්ඩෝ කිහිපයක් විවෘත කරගෙන තිබීම සාමාන්‍ය දෙයක්. නමුත් සමහර අවස්ථාවලදී අපට එක්ස්ප්ලෝරර් වින්ඩෝ විශාල ප්‍රමාණයක් විවෘත කර ගැනීමට සිදු වනවා. එවිට එම එක එකක් අතර මාරු වීමේදී හා ෆයිල්ස් කොපි පේස්ට් කිරීමේදී අප දුශ්කර තාවයකට මුහුණ පානවාකෙසේ විශාල වින්ඩෝ සංඛ්‍යාවක් විවෘත කර ඇති බොහෝ අවස්ථාවල අප විවෘත කරන්නේ අදාළ ෆෝල්ඩරය නොව වෙනයම් එකක්. මේ දුශ්කර තාවයෙන් මිදීමට භාවිතා කළ හැකි හොඳම විසඳුම නම් අප භාවිතා කරන බ්‍රවුසර වල ඇති ආකාරයේ ටැබ් අතුරු මුහුණතක් භාවිතය. ඉතින් අප මේ ඉදිරිපත් කරන මෘදුකාංගය භාවිතයෙන් ගූගල් ක්‍රෝම් වල පරිදි ටැබ් අතුරු මුහුණතක් වින්ඩෝස් එක්ස්ප්ලෝරර් වෙත පහසුවෙන් එක් කර ගැනීමට පුළුවන්.

මුලින්ම පහත සබැඳිය භාවිතා කොට අදාළ මෘදුකාංගය බාගත කරගන්න. මෙය Clover 2 ලෙස හැඳින් වෙන 2MB මෘදුකාංගයක්.
බාගත වුණ rar ගොණුව extract කොට Clover 2 ස්ථාපනය කරගැනීම පමණයි ඔබ කළ යුත්තේ.
දැන් ඔබගේ එක්ස්ප්ලෝරර් වින්ඩෝ පහත පරිදි දිස් වනු ඇති.

ඉක්මනින් විවෘත කර ගැනීමට අවශ්‍ය ෆෝල්ඩර හෝ ෆයිල්ස් bookmark බාර් එකට drag කොට drop කිරීම මගින් bookmarks සාදා ගත හැකියි.
ඔබට අලුත් ටැබ් එකක ෆෝල්ඩරයක් විවෘත කරගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඒ මත රයිට් ක්ලික් කොට Open in new window යන්න ක්ලික් කිරීමයි.
You searched for...
lionlk clover,



