Use Your Mobile Phone As A Web Camera | ඔබගේ ජංගම දුරකථනය වෙබ් කැම් එකක් ලෙස භාවිතා කරන්න.

May 30, 2012 by: in: Software

වෙබ් කැම් චැට් වලට කැමති සහ වෙබ් කැම් එකක් අවශ්‍ය බොහෝ දෙනෙක් අප අතර සිටිනවා. ඒත් ඒ හැමෝටම වෙබ් කැම් එකක් නැති එක තමයි ගැටළුව. මොහොතක් සිතා බැලුවොත් ඒ බොහෝ දෙනෙක් ජංගම දුරකථනයක් නම් තිබෙන බව මතකයට ඒවි. ඒ ජංගම දුරථනය වෙබ් කැම් එකක් ලෙස භාවිත කරන්න පුළුවන්නම් එය බොහෝ වටිනා කර්තව්‍යක් වන බව නිසැකයි. මේ සටහන ඒ ගැනයි…

ඔබගේ ජංගම දුරකථනය  iPhone, BlackBerry, Windows Mobile හෝ නොකියා Symbian S60 යන ඛාණ්ඩ වලින් එකක් නම් මෙම පහසුකම ලබාගත හැකියි. මේ සඳහා ඔබ ඔබේ පරිගණකයේ එක් මෘදුකාංගයකුත්, ඔබේ ජංගම දුරකථනයේ තව මෘදුකාංගයකුත් වශයෙන් මෘදුකාංග දෙකක් ස්ථාපනය කළ යුතුයි. අනතුරුව එම දෙකම ක්‍රියාවට නංවා data cable හෝ Bluetooth ආධාරයෙන් සම්බන්ධ කළ හැකියි.

පළමුව ඔබ පහත සබැඳියෙන් ගොස් ඔබගේ ජංගම දුරකථනයට ගැලපෙන මෘදුකාංගය භාගත කරගන්න.

Download Mobiola Web Camera

ඩවුන්ලෝඩ් වුන ෆෝල්ඩරයේ ඇති .exe ගොණුව ඔබේ පරිගණකයේ ස්ථාපනය කොට අනෙක් ගොණුව ජංගම දුරකථයට දමා ස්ථාපනය කරගන්න. දැන් ඩේටා කේබල් හෝ බ්ලූටූත් වලින් ජංගම දුරකථනය හා පරිගණකය සම්බන්ධ කරගන්න. (නොකියා දුරකථනයක් නම් PC Suite ස්ථාපනය කර තිබිය යුතුයි) . මෘදුකාංග දෙකෙහිම සැකසුම් නිවැරදිව සැකසූ විට ඔබගේ දුරකථනය වෙබ් කැම් එකක් සේ ක්‍රියාත්මක වනු ඇති. වීඩ්යෝ පරිගත කිරීමේ පහසුකමද මෙහි අන්තර්ගතයි. මෙය ස්කයිප් වැනි මෘදුකාංග සමඟද හොඳින් ක්‍රියාත්මක වනවා.

Special Offer

Galleries

national-school-games-2012Krishanthi Ranasinghe - Hot PicturesThushara Kambil - Hot PicturesHimali Sayurangi - Hot PicturesMelissa Fernando - Hot PhotosNehara Peiris - Hot PicturesDinusha Rajapathirana (Swarnawahini) Wedding PhotosGayathri Dias - Hot PicturesNadeesha Alahapperuma - Hot Pictures