Kim DotCom ගේ Mega සඳහා සෙවුම් යන්ත්‍රයක්
February 7, 2013 by: Lakshan Jayasinghe in: Web 2.0Kim DotCom ගේ අලුත්ම Mega සේවාව හඳුන්වා දී තවම වැඩි කාලයක් ගත වී නැහැ. නමුත් එය ඉතාමත් ඉක්මනින් ජනප්‍රියම cloud hosting සේවාව බවට පත්වෙමින් තිබෙනවා. Mega සේවාවේ ආරක්ෂාව ගැන ඔවුන් උදම් ඇනුවත් කෙසේ හෝ Mega වෙත අප්ලෝඩ් කර ඇති ෆයිල්ස් බොහොම පහසිවෙන් සොයා ගැනීම සඳහා සර්ච් එන්ජින් එකක් යම් පිරිසක් විසින් සාදා තිබෙනවා.
Kim DotCom ගේ කලින් ව්‍යාපාරය වූ Megaupload තහනමට ලක් වූයේ ප්‍රකාශන හිමිකම් සහිත ගොණු හුවමාරු කරගැනීමට සැලැස්වීම නිසයි. නමුත් DotCom තම අලුත් ව්‍යාපාරය වන Mega පටන් ගන්නේ ඒ වරද නිවැරදි නොකරයි. නමුත් ඔහු පැවසූ අන්දමට අප්ලෝඩ් කළ ගොණු encrypt වන නිසා ඒවා බලාගත හැක්කේ අප්ලෝඩ් කළ අයටම පමණක් බවයි.
READ ALSO :
නමුත් මේ සර්ච් එන්ජින් එක නිසා ඔවුන්ගේ ඉහත කියමන් අවලංගු භාවයට පත් වී තිබෙනවා. මේ සර්ච් එන්ජින් එක සහිත වෙබ් අඩවිය ලියාපදිංචි කර තිබෙන්නේත් Mega අන්තර්ජාලයට එක් වූ දවසේමයි. නමුත් මේ සමඟ Mega ගේ කිසිම සම්බන්ධතාවක් නොමැති බව ඔවින් පවසනවා.
මේ සෙවුම් යන්ත්‍රය අන්තර්ජාලයට එක්වී පැය 24ක් යන්නටත් මත්තෙන් අක්‍රීය වුණා. එයට Mega වෙබ් අඩවියේ වෙනසක් හේතු වූ බව ඔවුන් පැවසුවා. නමුත් දැන් මේ සෙවුම් යන්ත්‍රය මනාව ක්‍රියාත්මක වනවා. පහත සබැඳියෙන් ගොස් ඔබටත් Mega ක්ලවුඩ් එකේ ඇති ගොණු සොයාගත හැකියි.




