Online Virus Scaners | ඔබේ පරිගණකයේ වයිරස් දැයි බලාගන්න වෙබ් අඩවි 9ක්
August 12, 2012 by: Lakshan Jayasinghe in: Web 2.0සාමාන්‍යයෙන් ප්‍රති වයිරස මෘදුකාංගයක් එහෙමත් නැත්නම් වයිරස් ගාඩ් එකක් කියන්නෙ පරිගණක භාවිතා කරන බොහෝ අය සැලකිල්ලක් දක්වන පරිගණක වැඩසටහන් කොටසක්. හොඳම ඇන්ටි වයිරස් එක කුමක්දැයි බොහෝ දෙනා අතර විවිධාකාර මත පවතිනවා. පරිගණක භාවිතා කරන්නන්ගෙන් සමහරක් ඇන්ටිවයිරස මෘදුකාංගයක් තම පරිගණකයේ ස්ථාපනය කිරීමට මැළි වන්නෙ එම වැඩසටහන් නිසා අනිවාර්යෙන්ම පරිගණකය තරමක් හෝ මන්දගාමී වන බව දන්නා නිසයි. නමුත් ඒ හේතුවෙන් ඇන්ටිවයිරස මෘදුකාංගයක් භාවිතා නොකිරීමට තීරණය කිරීම බොහෝ භයානක අදහසක් වන්නට පුළුවන්. කෙසේ වෙතත් තවමත් තම පරිගණකයේ ඇන්ටිවයිරස මෘදුකාංගයක් ස්ථාපනය කර නොමැති අය හා ඇන්ටිවයිරස මෘදුකාංගයක් තිබුණත් තම පරිගණකය වයිරස් ආසාදිත දැයි දැන ගැනීමට අවශ්‍ය අය වෙනුවෙනුයි මේ ලිපිය. ඇන්ටිවයිරස මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපනය නොකරම වයිරස් ස්කෑන් එකක් කරගන්න පුළුවන් වෙබ් අඩවි 10ක් ගැනයි මේ…

මෙම වෙබ් අඩවි වලට පිවිසීම සඳහා Internet Explorer භාවිතා කරන්න.
1. BitDefender
ප්‍රති වයිරස මෘදුකාංග අතුරින් හොඳමයැයි සම්මත BitDefender මෘදුකාංගයේ online සංස්කරණයයි මේ. ඔබගේ දෘඩ තැටි, ෆයිල්ස් මෙන්ම boot sector එකද වයිරස් සඳහා ස්කෑන් කිරීමට මෙය සමත්.
2. ESET
Eset මගින් ලබා දෙන මෙම පහසුකම මගින් ඔබේ පරිගණකය viruses,threats, worms, Trojans, phishing හෝ spyware වැනි වැඩසටහන් වලින් තොර බව තහවුරු කරගත හැකියි.
විනාඩි දෙක තුනකින් ඔබේ පරිගණකය මැල්වෙයා ආසාදිත දැයි දැන ගැනීමට මෙය භාවිතා කරන්න පුළුවන්. මෙය නිපදවා තිබෙන්නේ පැන්ඩා සමාගමයි.
McAfee Scan Engine භාවිතා කරමින් ඔබේ පරිගණකය වයිරස් ආසාදිත දැයි බලා ගැනීමට අවශ්‍ය නම් මෙම වෙබ් අඩවිය භාවිතා කරන්න.
5. Avast
512kb දක්වා වූ ගොණු සියල්ලම ස්කෑන් කරමින් වයිරස් ආසාදිත ගොණු තිබේදැයි පිරික්සා බැලීමට අවාස්ට් සමත්කම් දක්වනවා.
6. TrendMicro
Viruses සහ Malware සඳහා ඔබේ පරිගණකය පරීක්ෂාවට ලක් කරනවා සේම වයිරස් ආසාදනය විය හැකි ගොණු ඔබ වෙනුවෙන් පිළිසකර කර දෙන්නටත් මේ වෙබ් අඩවියට පුළුවන්.
7. Jotti
ජනප්‍රිය ප්‍රති වයිරස් මෘකාංග රැසක් භාවිතා කරමින් ඔබ අප්ලෝඩ් කරන ගොණුවේ ගුණ දොස් විචාරා වයිරස් හෝ මැල්වෙයා තිබේනම් ඔබට දැනුම් දීමට Jottiට හැකියාව තිබෙනවා.
worms, viruses, trojans සොයා බැලීමට පැන්ඩා සමාගමේ මේ වෙබ් අඩවියත් කදිමයි.
9. F-Secure
දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතින F Secure සමාගමේ මේ සරළ වෙබ් ඇප්ලිකේෂන් එක මගින් ඔබේ පරිගණකය වයිරස් හෝ මැල්වෙයා ආසාදිත දැයි බලාගන්නට පුළුවන්.



