Retouching, Filters, Effects සහ තවත් අංග රැසක් සහිත Online Image Editor එකක්

ඉතාමත් ඉක්මනින් ඡායාරූපයක් සංස්කරණය කරගන්නට සාදා ඇති Online Image Editors අන්තර්ජාලය පුරා ඕණෑ තරම් දැකගැනීමට පුළුවන්. ඒ බොහෝ සේවාවලදී අපට ලැබෙනේ Re-size, Crop, Frames එක් කිරීමට ආදී ප්‍රාථමික මෙවලම් කිහිපයක් පමණයි. නමුත් සරළ Crop කිරීමේ සිට HDR වැනි සංකීරණ ෆිල්ටර්ස් දක්වා මෙවලම් ගණනාවකින් සමන්විත නොමිලේ ලැබෙන ඔන්ලයින් ඉමේජ් එඩිටර් එකක් ගැනයි මේ.

මේ වෙබ් සේවාව PicMonkey නමින් හැඳින් වෙනවා. සාමාන්‍ය සංස්කරණ මෙවලම් හැරුණුකොට color effects, skin retouching effects, text effects, frames ආදී යෙදුම් ගණනාවකින් PicMonkey සමන්විතයි. එක් පින්තූරයකට එක ඉෆෙක්ට් එකකට වඩා එකතු කිරීමට පුළුවන් වීම මෙහි ඇති තවත් විශේෂත්වයක්. මේ වෙබ් අඩවියට යාම සඳහා පහත සබැඳිය භාවිතා කරන්න.

Visit PicMonkey

එහි ඉහළ ඇති Edit A Photo ලෙස සඳහන් බට්න් එක එබීම මගින් ඔබට එඩිට් කිරීමට අවශ්‍ය පින්තූරය අප්ලෝඩ් කළ හැකියි. අප්ලෝඩ් වුණ පසු ලැබෙන පළවන පිටුවෙන් ප්‍රාථමික එඩිට් කිරීම් සිදු කළ හැකියි.

Read More : සිංහලෙන් ෆොටෝෂොප්

picmonkey

වම් පස තීරුවේ ඇති ටැබ්ස් මගින් විවිධ අංග සඳහා මාරු විය හැකියි. එහි දවට ටැබ් එකෙන් ඔබ කැමති Effect එකක් පින්තූරයට එක් කරගත හැකියි. මෙහි Effects විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

picmonkey2

එළෙසම පින්තූරට Retouch කිරීම සඳහා තෙවන ටැබ් භාවිතා කිරීමට පුළුවන්. සිව් වන ටැබ් එකෙන් පින්තූරයට කැමති වචනයක් හෝ වාක්‍යක් එක් කර ගැනීමටද, පස් වන ටැබ් එකෙන් පින්තූරය ඉඩින් විබිධ රූප එක් කර ගැනීමටද පුළුවන්. එමෙන්ම 6 වන ටැබ් එකෙන් තවත් ජනප්‍රිය අංගයක් වන රාමු එකතු කරගත හැකියි. සත් වන ටැබ් එකෙන් දී ඇති Textures පින්තූරයට එකතු කර ගැනීමට පුළුවන්. අවසාන ටැබ් එකෙන් ඔබ කැමති තීම් එකක් පින්තූරයට එක් කරගෙන එය අලංකාරවත් කරගත හැකියි.

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

lktips

Galleries

Super Six Movie |  Photos Pictures WallpapersAksha Sudari - Hot PicturesYureni Noshika - Hot PicturesNehara Peiris - Hot PicturesNadeeka Perera - Hot PicturesShashika Jones - Hot PicturesStafni Liyanage - Hot PiDharani Alweera - Hot PicturesSunakshi Bhardwaj - Hot Pictures