Google PageRank එක ගැන නිසි අවබෝධය ලබාගනිමු

ගූගල් පේජ් රෑන්ක් (Google PageRank /PR ) යනු වෙබ් පිටු වල ගුණාත්මක භාවය ගණනය කිරීම සඳහා ගූගල් සමාගම විසින් සොයා ගත් ක්‍රමයක්.වෙබ් පිටුව වැදගත්කම, විශ්වාසනීයත්වය වැනි කාරණා සැලකිල්ලට ගෙන 0 සිට 10 දක්වා වූ පූර්ණ අගයන් වලින් එම පිටුව ශ්‍රේණි ගත කිරීම මෙහි සිදු වනවා. කෙසේ වෙතත් මෙම අගය search engine ranking වලට කෙලින්ම බලපාන අගයක් නොවේ. PR 2 වෙබ් පිටුවක් සෙවුම් ප්‍රතිපළ පිටුවේ මුල් කොටසේ පෙන්වද්දී PR6 පිටුවක් සෙවුම් ප්‍රතිඵළ වල දෙවැනි පිටුවේ පෙන්වන අවස්ථා බොහෝ තිබෙනවා.

pagerank

අතීතයේ PageRank එක භාවිත වූ ආකාරය

  • සෙවුම් ප්‍රතිඵළ වල යම් පිටුවකට ලැබෙන ස්ථානය නිර්ණය කිරීම සඳහා එම වෙබ් පිටු වල PR අගය ගූගල් විසින් භාවිතා කළා.
  • වෙබ් අඩවි ශ්‍රේණි ගත කිරීමේ දැවැන්ත සාධකයක් ලෙස මෙය භාවිතා වුණා.
  • ඉහළ PR අගයක් සහිත වෙබ් පිටු වලින් backlinks ලබා ගැනීමෙන් තම වෙබ් අඩවියේද PR එක වැඩි කර ගැනීමට හැකි වුණා.
  • තම වෙබ් අඩවියේ PR අගය වෙනත් වෙබ් අඩවි වලින් backlinks මිළ දී ගෙන නිරායාසයෙන් වෙනස් කරගන්නට හැකි වුණා.

අද වන විට PageRank එක භාවිතා වන ආකාරය

  • PageRank යනු වෙබ් පිටු ශ්‍රේණි ගත කිරීම සඳහා ගූගල් විසින් භාවිතා කරන ක්‍රම 200කට අධික සංඛ්‍යාව අතරින් එකක් පමණයි.
  • වෙබ් පිටුවක search rankings සඳහා තව දුරටත් පේජ් රෑන්ක් එක බලපාන්නේ නැහැ. කෙසේ වෙතත් ඔබේ වෙබ් අඩවිය සෙවුම් ප්‍රතිඵළ පිටුවේ පෙන්වන ස්ථානය සඳහා වක්‍රාකාරයෙන් PR හි බලපෑමක් තිබෙනවා.
  • ඉහළ PR අගයක් ඇති වෙබ් පිටු වලින් ඇති backlinks ඔබේ වෙබ් පිටුවේ PR එක ඉහළ නංවා ගැනීමට තවමත් හේතු වනවා. නමුත් එම බැක් ලින්ක්ස් ඔබගේ වෙබ් අඩවියට අදාල ඒවා විය යුතුයි. එනම් අඩු PR ඇති තාක්ෂණික වෙබ් අඩවියකට වැඩි PR ඇති සංගීතමය වෙබ් අඩවියකින් බැක්ලින්ක් තිබුණාට ප්‍රතිඵළ ලැබෙන්නේ නැහැ.
  • අසාමාන්‍ය ලෙස සාදා ඇති බැක් ලින්ක්ස් (අදාළ නොවන සහ මිළ දී ගත්) ඔබගේ වෙබ් අඩවියේ PR එක පහල වැටීම සඳහා හේතු වනවා.

සෑම වෙබ් මාස්ටර් කෙනෙක්ම පාහේ ගූගල් පේජ් රෑන්ක් ගැන අවබෝධයෙන් සිටිනවා. ඒ SEO මාතෘකාව කතා බහට පැමිණි මුල් අවධියේ සිටම PageRank එකත් තිබූ නිසයි. නමුත් අද වනවිට එය SEO වලට බලපානවාද නැතිද යන්න හරියාකාරව තේරුම් ගැනීමට අපහසු තාවක් බොහෝ දෙනෙක්ට උද්ගත වී තිබෙනවා. අපි PageRank එක ගැන තවදුරටත් විමසා බලමු.

මූලිකවම ඔබ අවබෝධ කරගත යුතුයි පේජ් රෑන්ක් එක යනු ඔබගේ වෙබ් අඩවිය හා සම්බන්ධ සාධක ගණනාවකින් ගණිතමය ක්‍රමයකින් සෑදෙන විශ්වාසනීයත්වය සහ අදාළතාවය හැඟවෙන අගයක් බව. PR4 සහ PR5 අතර වෙනස PR 2 සහ PR 3 අතර වෙනස මෙන් පස් ගුණයේ සිට දස ගුණය දක්වා විය හැකියි. එමෙන්ම ඔබට දක්නට ලැබෙන වෙබ් අඩවි අතරින් PR4 වෙබ් අඩවි වලට වඩා සිය ගුණයක් වැඩියෙන් PR2 වෙබ් අඩවි දක්නට ලැබෙනවා. PR6 වෙබ් අඩවි ඇත්තේ ලොව සියලුම වෙබ් අඩවි අතරින් 0.1% තරම් සුළු ප්‍රමාණයක්.

පේජ් රෑන්ක් එක ගණනය වන ආකාරය දැනගැනීමට අවශ්‍ය නම් මෙම ලිපිය කියවන්න – WebWorkShop.net

පහත දක්වා ඇති කරුණු නිසා PageRank එක SEO සඳහා අදාල නැතැයි සමහර පිරිස් සිතනවා.

  • සමහර අවස්ථා වලදී පේජ් රෑන්ක් එක වැරදි ලෙස ගණනය වී තිබෙනු සහ පක්ෂග්‍රාහී වී තිබෙනු දක්නට පුළුවන්.
  • ඔබ ගූගල්හි යමක් සෙවුවහොත් මුලින් පැමිණෙන ප්‍රතිඵළ අතර PR2 වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් තිබෙනු සහ සෙවුම් ප්‍රතුඵළ වල අග පේජ් රෑන්ක් එක ඉහල පිටු තිබෙනු දක්නට ලැබේවි. මෙය සිදු වන්නේ ගූගල් හි Caffeine එකට පසුවයි. එමගින් අලුතෙන් එකතු වූ වෙබ් පුටු වලට ඉහල ස්ථානයක් ලබා දීමට කටයුතු කරනවා.
  • ගූගල් හි Panda සහ Penguin අප්ඩේට්ස් වලින් පසුව වෙබ් පිටුවක් රෑන්ක් කිරීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි, නැවුම් බව ආදී කාරණාවන් සැළකිල්ලට ගත් පසු PR අගයට හිමිව තිබූ ස්ථානය තවත් අවම වී තිබෙනවා.
  • PageRank එක මීට අවුරුදු ගණනාවකට කලින් Google Webmaster Tools වලින් ඉවත් කරනු ලැබුවා.

නමුත් පහත කරුණු නිසා පේජ් රෑන්ක් එක සම්පූරණයෙන්ම අත්හැරිය හැකි කාරණාවක් නොවේ.

  • ගූගල්හි වෙබ් පිටු ශ්‍රේණි ගත කිරීමේ 200ක් පමණ වූ ක්‍රම අතරින් පේජ් රෑන්ක් එක ද තවම භාවිතා වන ක්‍රමයක්.
  • වෙබ් අඩවි දෙකක එකම ආකාරයට වැදගත් අන්තර්ගතයන් (on-page SEO, and in/outbound links)  තිබුණත් , එක් වෙබ් අඩවියක PageRank එක වැඩි නම් එම පේජ් රෑන්ක් එක වැඩි වෙබ් අඩවිය සෙවුම් ප්‍රතිඵළ වල ඉහලින් දර්ශනය වීමට බොහෝ අවකාශ තිබෙනවා.
  • ගූගල් Caffeine අප්ඩේට් එකට පසු අලුත් අන්තර්ගතයන් සහිත නමුත් පේජ් රෑන්ක් නැති වෙබ් පිටු  සෙවුම් ප්‍රතිඵළ වල ඉහලට පැමිණියත් කාලයාගේ ඇවෑමෙන් ඒවා යටට ගොස් ඒ වෙනුවට් නැවතත් ඉහල පේජ් රෑන්ක් එකක් සහිත පිටු ඉහලට පැමිණෙනවා. මේ පිළිබඳ් මනාව සැකසුණු සිද්ධි අධ්‍යයනයක් මෙම වෙබ් අඩවියේ තිබෙනවා.  Minterest.com.
  • ඉහල PR අගයක් සහිත පිටු වලින් ඇති අදාළ වන සහ සාමාන්‍ය backlinks තවමත් PR කෙරෙහි බලපානවා.
  • Guest blogging කරන පිරිස් වැඩි PR එකක් ඇති වෙබ් අඩවි වලට ලිවීමට වැඩි කැමැත්තක් දක්වනවා.

search rankings ගැන සිතනවාට වඩා පේජ් රෑන්ක් එක ඉහල අගයකට පත් කර ගැනීමෙන් ඔබගේ වෙබ් අඩවියේ අධිකාරී බලය නිරායාසයෙන්ම ඉහළ නංවා ගත හැකියි. මෙය ඉහළ නංවා ගැනීමට ක්ෂණික ක්‍රම හෝ මෘදුකාංග ඇත්තේ නැහැ. ප්‍රකෘති සහ අදාල බැක් ලින්ක්ස්, on-page SEO, බ්ලොග් සහ බ්ලොග් කමෙන්ට්ස්, හොඳ internal linking සැකැස්ම, වෙබ් පිටු ලෝඩ් වන වේගය ආදී කාර්ණාවන් සාධනීය බවට පත් කර ගැනීම කළ යුතුයි.

පේජ් රෑන්ක් එක බලා ගත හැකි ආකාර

PageRank toolbar for Chrome හෝ PageRank add-on for Firefox භාවිතා කර ඕණෑම වෙබ් පිටුවක PageRank එක බලාගත හැකියි. එමෙන්ම prchecker.info වෙබ් අඩවියෙන්ද මෙය බලා ගැනීමට පුළුවන්.

මේ සම්බන්ධ ගැටළු හා අදහස් ඇත්නම් කමෙන්ට් ආකාරයෙන් පහතින් ඉදිරිපත් කරන්න.

Hey folks, I am the founder of this website. Currently following Bachelor of Information Technology at University of Colombo with a passion for everything related to technology. Contact me via Email / Facebook / Google+ / Twitter

Add a Comment

    1 Comments on "Google PageRank එක ගැන නිසි අවබෝධය ලබාගනිමු"

  1. ලහිරු says:

    යාලු පුළුවන් නම් google analytics tool ගැන පොස්ට් එකක් දාන්න පුලුවන්ද..Video Tutorial එකක් තිබුනොත් ගොඩක් හොදයි….

lktips